Chapter 12

1.7K 429 113
                                    

Third Person's View

යන අතරමග ජන්ග්කුක්වත් ජිමින්වත් චේයොන්වත් සෝයූන්වත් කිසිම සද්දයක් නෑ...

සෝයූන්? ඔව්..කෙල්ලත් බූසාන් යන්න ආවෙ තමන්ට ඔිනම වෙලාවට තමන් ළගින්ම හිටපු තුන්දෙනාවම මේ වෙලාවෙදි තනි කරන්න බැරි නිසා..කොහොමත් අප්පාව හැමවෙලේම බලන්න යන්න ඔින නෑනෙ..ඒ නිසා කෙල්ලත් ආවා..

ඊයෙ රෑ ජන්ග්කුක්ගෙ අප්පා කතා කරලා ඔම්මාව හොස්පිටල් ඇඩ්මිට් කරා කිව්ව වෙලාවෙ ඉදන් චේයොන් නොනවත්වා අඩනවා..සෝයූන් පිටිපස්සෙන් වාඩි වෙලා චේයොන් එක්ක හිටියා...ජිමින් ඩ්‍රයිව් කරා..ජන්ග්කුක් ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ වාඩි වෙලා එළිය බලාගෙනමයි ගියෙ..කොල්ලා මුකුත්ම කිව්වෙ නැති වුණාට එයා ඉන්නෙ ගොඩක් කලබල වෙලා කියලා සෝයූන්ට තේරුණා..ජන්ග්කුක් නියපොතු හප හප සද්දයක් නැතුවම ගියා..

සෝයූනුත් සැරින් සැරේ ජන්ග්කුක් දිහා බැලුවේ කොල්ලා ඉන්නෙ ගොඩක් අවුලෙන් කියලා දැනුන නිසා..මොනවා වුණත් කෙල්ලට මතක් වුණේ හැම වෙලේම ජන්ග්කුක් එයා එක්ක හිටපු විදිහ..

'මේ වෙලාවෙ චේ වගේම ජන්ග්කුක්ෂී එක්කත් මම ඉන්නවා..'සෝයූන් තමන්ටම කියාගත්තා..

පැය ගාණකින් පස්සෙ එයාලා ගමනාන්තයට ආවා..බූසාන්...ජන්ග්කුක්,චේයොන්,ජන්ග්මි,ජිමින්ගෙ ගම..

"අපි කොහෙද ඉස්සෙල්ලම යන්නෙ?" ජිමින් ඇහුවා..

"හොස්පිටල් එකට යමු ජිමින්..මට ඔම්මව බලන්න ඔින.."ජන්ග්කුක් කිව්වෙ කනස්සල්ලෙන්..

'ජන්ග්කුක්ෂී ඔම්මට ගොඩක් ආදරෙයි වගේ..මොනවා වුණත් ඔම්මත් වාසනාවන්තයි ජන්ග්කුක්ෂී වගේ පුතෙක් ලබන්න ජන්ග්කුක්ෂීත් ගොඩක් වාසනාවන්තයි ඒ වගේ ඔම්මා කෙනෙක් ලබන්න..'සෝයූන් හිතුවෙ ජන්ග්කුක් දිහා බලාගෙනමයි..

විනාඩි කීපයක් යද්දි එයාලා හොස්පිටල් එකට ආවා..ජන්ග්කුක් චේයොන් එක්ක reception එකෙන් අහලා   ඔම්මාගෙ රූම් එක හොයාගෙන ගියෙ පිස්සුවෙන් වගේ..දෙන්නම ගොඩක් කලබල වෙලා..අප්පා කිව්ව විදිහට ඔම්මාව ඇඩ්මිට් කරලා තිබ්බෙ VIP ward එකේ..

එයාලා ඔම්මාගේ රූම් එක හොයා ගත්තා..ජන්ග්කුක් කිසිම අවසරයක් නැතුව රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ගියා..

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now