Chapter 7

1.8K 422 49
                                    

Jungkook's View

මම දැක්කෙ වේගෙන් අපේ පැත්තට එන ට්‍රක් එකක්..

"ජන්ග්මි..."දෙයියනේ එදා මගෙ කෙල්ලට වුණෙත් මේකම නේද? එදා සිද්ධ වෙච්ච දේවල් විදුලියක් වගේ මගෙ හිතේ ඇදුනා..මට දැනුනෙ මගෙ අත් දෙක ගල් වෙනවා වගේ..මගෙ අත අතහැරෙනවා මට දැනුනා..

මම එහෙම්ම ඔළුව බදාගත්තෙ 'මියන්හේ සෝයූන්..මට ඔයාවත් ‌බේරගන්න බැරි වෙයි.. 'කියලා හිතින් හිතාගන්න ගමන්..

"ජන්ග්කුක්ෂී..."සෝයූන් කෑ ගහන සද්දෙ මට ඇහුනත් මට කරන්න දෙයක් තිබ්බෙ නෑ..

Soo-yun's View

මං ජන්ග්කුක්ෂීගෙ පැත්තට හැරෙනවත් එක්කම මං දැක්කෙ කිසිම පාලනයක් නැතුව අපේ පැත්තට එන ට්‍රක් එකක්..මං ජන්ග්කුක්ෂී දිහා බැලුවෙ ජන්ග්කුක්ෂීගෙ අසාමාන්‍ය හැසිරීමත් එක්ක...ජන්ග්කුක්ෂීට steering wheel එක අතඇරුණා..

"ජන්ග්කුක්ෂී...."මං කෑ ගැහුවත් ජන්ග්කුක්ෂී කිසිම වෙනසක් නෑ..

තව ඉතුරු වෙලා තිබ්බෙ තත්පර ගානයි...තව තත්පර ගානකින් මගෙයි ජන්ග්කුක්ෂීගෙයි ජීවිත අවසන් වෙන්නද යන්නෙ? නෑ....වෙන්න බෑ...මට මැරෙන්න බෑ...ජන්ග්කුක්ෂීගෙ ජීවිතේට මුකුත් වෙන්න දෙන්නත් බෑ..

මට කරන්න ඉතුරු වෙලා තිබ්බෙ එක දෙයයි...ජන්ග්කුක්ෂීගෙන් අතඇරුණු steering wheel එක මං තදින් අල්ලගත්තා..මං වාහනේ හැරෙව්වෙ පාරෙන් අයින් කරන්නයි..පාරෙන් පිටත තිබ්බෙ තැනිතලාවක්..දූවිලි අවුස්සගෙන වාහනය පාරෙන් අයින් වුණේ හැපෙන්න ඔන්න මෙන්න තිබිලා.. 

වාසනාවට මටවත් ජන්ග්කුක්ෂීටවත් කිසිම හානියක් නෑ...මං ලොකු හුස්මක් ගත්තෙ අනූනවයෙන් අපි දෙන්නම බේරුණ නිසා..

ඒත් ජන්ග්කුක්ෂී...තවමත් හිටපු විදිහමයි...ජන්ග්කුක්ෂීව ගොඩක් ගැහෙනවා...ඇයි ඒ?

"ජන්ග්කුක්ෂී....ජන්ග්කුක්ෂී...මං දිහා බලන්න...මේ බලන්න ජන්ග්කුක්ෂී් "මං ජන්ග්කුක්ෂීගෙ උරහිසට තට්ටු කරා...

මං වාහනෙන් බැහැලා ගිහින් ජන්ග්කුක්ෂීගෙ දොර ඇරලා ජන්ග්කුක්ෂීව කාර් එකෙන් බැස්සුවෙ අල්ලගෙන..ඇත්තටම ජන්ග්කුක්ෂී බැස්සෙ නෑ..එයාව කකුල් පණ නැති වුණා වගේ එතනම වාහනේට හේත්තුවෙන විදිහට බිම ඉන්දවුණා...

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now