Third Person's View
"මාව අත අරිනවා..මට මගෙ සෝයූන් ගාවට යන්න දෙනවා..."ජන්ග්කුක්ගෙ කෑ ගැහිල්ලෙ සද්දෙ හොස්පිටල් එක පුරාම පැතිරුණා..සෝයූන්ව ප්‍රතිකාර වලට ගත්ත වෙලාවෙ ඉදලා ජන්ග්කුක් කරේ OPD (Out Patient Department- බාහිර රෝගී අංශය) එක ඉස්සරහ ඉදගෙන විලාප තියපු එක..කොල්ලට ඔින කලේ සෝයූන් ගාවට යන්න විතරයි..ඒත් ලේ නාගෙන ඉන්න ජන්ග්කුක්ව අල්ලගත්ත ගාඩ්ස්ලා කොල්ලට ඇතුළට යන්න දුන්නෙ නෑ..
"සෝයූන්..සෝයූන්.."ගාඩ්ස්ලාගේ අත් අතරට හිරවෙලා හිටිය ජන්ග්කුක් කෑ ගැහුවෙ කදුළු පෙරන ගමන්..කියාගන්න බැරි වේදනාවක් එක්ක බයක් හිත පුරා දුවද්දි කොල්ලව එන්න එන්නම දුර්වල වුණා..අන්තිම ගාඩ්ස්ලගෙ අත්වලින් මිදුණ කොල්ලා බිමින් වාඩිවුණේ බිත්තියට හේත්තු වෙලා අඩන ගමන්..
අඩනවා ඇරෙන්න කොල්ලට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ..සෝයූන්ගෙ ලේ තැවරුණු අත් වලින් කොල්ලා ඔළුවට ගහගන්න ගමන් ඇඩුුවෙ තමන් පණ වගේ ආදරේ කරන කෙල්ල හිටපු විදිහ මතක් වෙලා දැනුන වේදනාව හැම නහරයක් පාසාම රිදුම් දෙද්දි..හිටපු ගමන් OPD එකේ දොර ඇරගෙන කලබලෙන් එළියට දුවලා blood packets ගෙනියන නර්ස්ලව දකිද්දි කොල්ලගෙ පපුව මිරිකලා දාන තරම් වේදනාවක් දැනුනා..
"ජන්ග්කුක්..."බිම වාඩිවෙලා හිටිය ජන්ග්කුක් ගාවට ආවෙ නම්ජුන්.. නම්ජුන් දැක්ක ගමන් ජන්ග්කුක් නැගිටලා නම්ජුන්ගෙ අත්වල එල්ලුණා..
"හියොන්..හියොන් බලන්න..සෝයූන්ට කොහොමද දැන්?කියන්නකො.."ජන්ග්කුක් ඇහුවෙ නම්ජුන්ගෙ කොලර් එකෙන් අල්ලගෙන..
"ජන්ග්කුක්..සන්සුුුන් වෙන්න..අපි බලමුකො..ඩොක්ටර්ස්ලා එයාට ට්‍රීට් කරනවානෙ.."නම්ජුන් පුළුවන් තරම් කොල්ලව සන්සුන් කරන්න හැදුවා..
"අනේ හියෝන්..එයාව කොහොමහරි බේර ගන්න හියොන්..මගෙ සෝයූන්..එයාව..."කොල්ලව නම්ජුන්ගෙ ඇගට කඩාගෙන වැටුණෙ දරාගෙන හිටිය ශක්තිය බින්දුවටම වැටෙද්දි..
කිලෝමීටර් ගානක් දුවපු නිසාත්,අතේ තිබුණු පිළිස්සුම් තුවාලෙ වේදනාවටත්,ඊටත් වඩා දැනුන හිතේ පීඩනයටත්,කෙල්ලට ටිකෙන් ටික හුස්ම අඩු වෙද්දි තමන්ගෙ හුස්ම ජන්ග්කුක් කෙල්ලට දුන්න නිසාත්,සිහියක් නැතුව හිටිය සෝයූන්ව අත්දෙකෙන් උස්සගෙන පාළු පාරෙන් එළියට ආපු මහන්සියටත් යට වුණ කොල්ලගෙ දරා ගැනීම කොල්ලගෙ ඉතුරු වෙලා තිබ්බ අන්තිම හයියත් උරා ගත්තා..ඒ වගේම මෙච්චර වෙලා හලපු කදුළු,විලාප තියද්දි වැය වුණු ශක්තිය හැමදේම නිසා කොල්ලට තවත් කකුල් දෙකෙන් හිටගෙන ඉන්න පණක් තිබුණෙ නෑ..ජන්ග්කුක්ගෙ ඇස් පියවෙලා නම්ජුන්ගෙ අත් උඩටම කොල්ලව වැටෙද්දි නම්ජුන් කොල්ලව වාරු කරගත්තා..
YOU ARE READING
Love Blossom | Jungkook Centric | Completed
Fanfictionමට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11