Taehyung 's View
පොරොන්දු...සමහර මිනිස්සු පොරොන්දු දෙන නිසා ජීවත් වෙනවා..සමහර මිනිස්සු ජීවත් වෙන නිසා පොරොන්දු දෙනවා..ඒ මොනදේ වුණත් පොරොන්දු දෙන්නෙ තමන්ගෙ ජීවිතේ වටිනාම මිනිස්සු අතරයි..
ඒත් ඒ පොරොන්දු රැක ගන්න බැරි වුණොත් අපි අසරණ වෙනවා..මමත් ඒ වගේ..කොච්චර හිනාවෙලා සතුටින් හිටියත් හිත ඇතුළෙන් හොයන්නෙ එක නමයි...
මින්සු...
මින්සු..ඔයා කොහෙද පැටියො ඉන්නෙ? ඔයාගෙ සුපර්මෑන්ට මහන්සියි පැටියෝ..ඇයි හැංගිලා ඉන්නෙ?තව කොහේ කියලා ඔයාව හොයන්නද මින්සු...ඔයාගෙ ඔම්මයි අප්පයි පොරොන්දු වුණා නේද ඔයාව අපි ළගට ගන්නවා කියලා..කොහෙද රත්තරනේ ඉන්නෙ?අපිට තවමත් ඒ පොඩි කෙල්ලව මතක් වෙනවා මැණික..
මාත් එක්ක ඔයා තරහින්ද ඉන්නෙ?මං පොරොන්දු කැඩුව නිසා...ඇයි මින්සු? මං ඔයා වෙනුවෙන් හීජින්වත් හොයාගත්තා..අපි දෙන්නටම ඔයාව දකින්න ඔිනෙ..එන්න මින්සු..එන්න..අපි ඉස්සරහට එන්න..ඔයාගෙ ඔන්නි- අහ් අනී...එයාට ඔන්නි කියනවට ඔයා අකැමතියි නේ..එයා ඉතිං ඔයාගෙ ඔම්මනේ...ඔයාගෙ ඔම්මාව දැක්කම ඔයාට සතුටු හිතෙයි පැටියො..
මේ පාර නම් ඔයාව හොයාගන්නවමයි මින්සු..ඔයාගෙ හීජින් ඔම්මටයි ටේ අප්පාටයි සමාවෙලා ඉක්මනට අපි ගාවට එන්න මින්සු..අපි බලන් ඉන්නවා..
*************
ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුද දිහා මං බලාගෙන හිටියෙ හිස් බැල්මෙන්..හීජින් මගෙ උරහිසට බර දීලා සුව නින්දක..ඇමෙරිකාවෙන් සමු අරගෙන අපි දෙන්නා ප්ලේන් එකට නැග්ගෙ අපේ මවුරටට යන්න..කොරියාවට වඩා ඇමෙරිකාව කොච්චර දියුණු වුනත් අපේ රටේදි හුස්ම ගන්න නිදහස අපිට එහෙදි ලැබුනෙ නෑ..
ආයෙමත් අපිට පුළුවන් අපේ පවුලේ අයත් එක්ක ඉස්සර හිටියා වගේම ඉන්න..දැන් අපි පරිණත වෙලා..ඒත්..තවමත් ජන්ග්කුක්වයි ජිමින්වයි දැක්කම හිත පොඩිකාලෙට යන්නෙ නිරායාසයෙන්මයි..
පොඩිකාලේ් මතක අතරේ ජන්ග්මි අපැහැදිලි සිතුවිල්ලක් වෙලා..ඒ මොන දේ වුණත් ජන්ග්කුක් තවත් වාසනාවන්ත කෙල්ලෙක්ට ජීවිතේ අවස්ථාවක් දීපු එක ලොකු දෙයක්..
YOU ARE READING
Love Blossom | Jungkook Centric | Completed
Fanfictionමට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11