Chapter 30 (part 2)

3.6K 447 408
                                    

Third Person's View

ජැකට් එකක්වත් නොදාපු සීතල වෙච්ච ශරීරයත් එක්ක කොල්ලා ඔහේ පාර දිගේ දිව්වා..කොල්ලගෙ තුවාලෙ රිදුම් දෙනවා..ඊටත් වඩා සිය දහස් ගුණයක් කොල්ලගෙ හිත රිදුම් දෙනවා..සැරින් සැරේ ඇස්වලින් ගලපු කදුළු පිහිදාන්න වුවමනාවක් ආවෙ කොල්ලට ඇවිදගෙන යන පාර අපැහැදිලි වෙද්දි විතරමයි..

කොල්ලා ගෙදරින් එළියට බැස්සෙ සෝයූන්ව හොයාගන්න කියලා වුණත් කෙල්ලව කොහෙන් කියලා හොයාගන්නද කියලා ජන්ග්කුක්ට කිසිම අදහසක් තිබුණෙ නෑ..කොල්ලා වාහනෙත් අතරමග දාලා පාරවල් දිගේ ඇවිද ඇවිද සෝයූන්ව හෙව්වා..‌සෝයූන්ට යන්න කියලා තැනකුත් නෑ කියලා ජන්ග්කුක් හොදටම දන්නවා..කොල්ලා ඇවිද්දා..සෝයූන් ඇති කියලා හිතෙන හැම තැනකම වැලි කැටයක් ගානෙ කොල්ලගෙ කකුල්වලට පෑගෙන්න ඇති..ඒත් කොල්ලගෙ හැම බලාපොරොත්තුවක්ම බිදලා ඒ කිසිම තැනකින් කෙල්ලව හොයාගන්න බැරුව කොල්ලා අසරණ වුණා..

ඇස් දෙකට නැගුණු කදුළු පිටඅල්ලෙන් පිහිදන ගමන් කොල්ලා තවත් ඉස්සරහට අඩිය තිබ්බා..හං ගග ගාවින් ඇවිදන් යනකොට කොල්ලට දැනුනෙ ලොකු පාළුවක්..ඒ හැම අඩියක් ගානෙම ජන්ග්කුක්ගෙයි සෝයූන්ගෙයි මතක ගොඩක් පිරිලා තිබ්බා..

"කොහෙද සෝයූන් ඔයා ඉන්නෙ?මං ගාවට එන්න..මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.."කොල්ලා කිව්වෙ හංගග දිහා බලාගෙන..ඒත් ඔහේ ගලාගෙන යන මේ ගංගාව කොහොමද ජන්ග්කුක්ට එයාගෙ සෝයූන්ව ගෙනත් දෙන්නෙ?හං ගග උඩට හදේ ඡායාව වැටිලා දිලිසෙන විදිහ කොල්ලා දැක්කා..

කොල්ලගෙ හිතේ එකපාරටම මැවුණෙ ජන්ග්මිගෙ රූපෙ..ඒ එක්කම කොල්ලට දැනුන වේදනාව එක්ක කොල්ලා ඔළුවත් අල්ලගෙන බංකුවකින් වාඩි වුණා..කොල්ලා නළලට හිමීට තට්ටු කරගත්තෙ දැනුන වේදනාව නිසා..‌ජන්ග්කුක්ට වටපිටාව පෙනුනෙ බොද වෙලා..ඒත් තත්පර ගානක් යන්න කලින් ආයෙත් හැමදේම යථා තත්වයට පත්වුණේ කොල්ලා වේගෙන් හුස්ම ගන්නකොට..

"අහ්..මොකක්ද ඒ වුණේ?ජන්ග්මි?ඇයි එයා.."කොල්ලා කල්පනා කර කර ඉන්න ගමන් හදිසියේම මොකක් හරි මතක් වුණා වගේ වාඩිවෙලා හිටිය තැනින් නැගිටලා දුවන්න ගත්තෙ කොල්ලට ඉතුරු වෙලා තිබ්බ අන්තිම තැනත් බලන්නයි..

Love Blossom | Jungkook Centric | CompletedDonde viven las historias. Descúbrelo ahora