Third Person's View
ටිකක් විතර කැළඹුණු හිතින් ජන්ග්කුක් ජනේලෙන් එළිය බලාගෙන හිටියෙ තමන්ගෙ විවාහ ගිවිසගැනීමට ලෑස්ති වෙලා..කොල්ලගෙ හිත කලබලයි..මෙතනින් එහාට ජන්ග්කුක්ගෙ ජීවිතේට තව වගකීමක් එකතු වෙන්නයි යන්නෙ..ඔව්..ඒ සෝයූන්..සෝයූන්ව රැකගන්නවා කියන එක කොල්ලා එයාටම දීපු පොරොන්දුවක්..
"අම්මෝ..කොල්ලගෙ ලස්සන..එන්ගේජ්මන්ට් එකට මෙහෙම නම් වෙඩින් එක දවසට කොහොමද ඉදීද?"රූම් එකට ආපු ජිමින් කිව්වෙ කොල්ලාගෙ පිටට තට්ටුවක් දාන ගමන්..
"යාහ්..ජිමින් හියොන්..ඔයාගෙ මල්ලි හැන්ඩියා නෙහ්?"ජන්ග්කුක් ජිමින්ගෙන් ඇහුවෙ ඇහැකුත් ගහන ගමන්..
"පුහ්..හැන්ඩියා?? මේ..මොට්ට හාවො..ඉක්මනට ලෑස්ති වෙනවා..අරෙහෙ කෙල්ල බලාගෙන ඇති.."ජිමින් කිව්වෙ ජන්ග්කුක්ගෙ ඔළුවට පාරක් ගහන ගමන්..ජිමින් එහෙම කිව්වම ජන්ග්කුක්ගෙ මූණ අදුරු වුණා..ජිම්න් සැලකිල්ලෙන් බැලුවෙ ජන්ග්කුක්ගෙ වෙනස් වුණ මූන දිහා..
"කුකියෝ.."ජිමින් ජන්ග්කුක් ළඟට ගිහින් කතා කළා..
"හියොන්...ඇයි..ඇයි ඔයා මෙහෙම කරන්නෙ?ඔයා කොහොමද ජන්ග්මිගෙ තැන මෙච්චර සතුටින් වෙන කෙනෙක්ට දෙන්නෙ?දුකක් නැද්ද ඔයාට? ඔයාගෙ නංගිගෙ තැනට වෙන කෙල්ලෙක් එනවාට?"ජන්ග්කුක් ජිමින්ගෙන් ප්රශ්න කළේ බිම බලාගෙනමයි..
ජිමින් හිමීට ජන්ග්කුක්ගෙ උරහිස්වලින් අල්ලගෙන තමන්ගෙ පැත්තට හරව ගත්තා..
"මේ අහන්න කුකියො..අපිට අතීතෙ වෙනස් කරන්න බෑ..සිද්ධ වුණු දේවල් වෙලා ඉවරයි..ඒත් අපිට පුළුවන් අනාගතේ වෙනස් කරන්න..ජන්ග්මි ගැන දැන් අමතක කරන්න..ඔයා සතුටින් ඉන්නවනම් මට එච්චරයි ඔිනෙ පැටියො.."ජිමින් කිව්වෙ ජන්ග්කුක්ගෙ ඔළුවත් අතගාන අතරේ..
"කුමාවො හියොන්.."ජන්ග්කුක් හීනියට හිනාවෙන අතරෙ කිව්වා..
"මට ටේ හියොන්ව මතක් වෙනවා හියොන්..එයා අද ඉන්නවනම් මං ගොඩක් කැමතියි.."ජන්ග්කුක් කිව්වා..
"හ්ම්ම්...මටත් ටේව මතක් වෙනවා ජන්ග්කුක්..මේ දේවල් ගොඩක් ඉක්මනට ලෑස්ති වුණ නිසා එයාට එන්න කල් මදි වුණා..අනිත් එක එයා ළගදිම මෙහෙ පදිංචියටම එන නිසා ඔෆිස් එකේ වැඩ ටික බැලන්ස් කරගන්නත් ඔිනෙනෙ..හැබැයි එයා අනිවාර්යෙන්ම වෙඩින් එකට එයි.."ජිමින් කොල්ලව සැනසුවා..
YOU ARE READING
Love Blossom | Jungkook Centric | Completed
Fanfictionමට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11