Chapter 19

1.7K 395 157
                                    

Soo-yun's View

මම හිත ඇතුලෙන් අළු වෙලා ගිහින් තිබුණත් අප්පා ඉස්සරහ මම හොදින් කියලා පෙන්නුවෙ වෙනසක් නොපෙන්නා ඉන්න..අප්පා ජන්ග්කුක්ෂීගෙ එන්ගේජ්මන්ට් ඉන්විටේෂන් එක මගේ අතට දෙද්දි මේ වෙලාවෙම මාව මැරිලා යනවනම් හොදයි කියලා හිතුනෙ..මම කොහොමද මේක බලන්නෙ? මේ තියෙන්නෙ ජන්ග්කුක්ෂී සදහටම වෙන කෙනෙක්ට අයිති වෙන එක බලන්න ආරාධනාවක්..

'ඇයි අප්පා මට මෙහෙම කරේ?? මට මේක බලන්න බෑ..' ඒත් මං කොහොමද මේක නොබලා ඉන්නෙ? අප්පා බලාගෙන ඉන්නෙ මගේ ප්‍රතිචාරයක් එනකම්..

මං ඒකෙ කවරෙ දිහා ටිකක් බලාගෙන හිටියෙ කාඩි එක ඇතුළ බලන්න තියෙන වෙලාව අඩු කරගන්න..ඒක ලස්සනට හැඩ කරලා තිබ්බත් මට ඒකෙ ලස්සනක් පෙනුනෙ නෑ..

අන්තිමට මම ඇතුළ බැලුවෙ තවත් වෙලා නාස්ති කරන්න බැරි නිසා..එදා ඔම්මා මාව දාලා යනකොට දැනුනු අසරණකමමයි දැනුත් මගේ හිතට දැනෙන්නෙ..වෙව්ලන අත්වලින්ම කාඩ් එක ඇරලා කියවගෙන ගියෙ කිසිම උනන්දුවකින්වත් ආසාවකින්වත් නෙමෙයි..නොකර බැරිකමට..ඒත්...මගේ ඇස් එකපාරට නතර වුණේ හුරුපුරුදු නමක් ගාව..

                     'Kim Soo-yun'

ම‌ගේ අතින් invitation එක බිමට වැටුණෙ අත් දෙක තවත් දරාගන්න තරම් පණ නැති වුණ නිසා..

මොකක්ද මේ වෙන්නෙ?ඇයි මගේ නම?කොහොමද?මෙතන?ජන්ග්කුක්ෂීගෙ එන්ගේජ්මන්ට් ඉන්විටේෂන් එකේ? කොහොමද මෙහෙම වෙන්නෙ?

මගේ ඔළුව ඇතුළෙ ප්‍රශ්න දාහක් කැරකෙන්න ගත්තා..මේක විහිළුවක්ද?

මම බැලුවෙ ජන්ග්කුක්ෂී දිහා..ජන්ග්කුක්ෂීත් මගේ දිහා බලාගෙන හිටියෙ මේකට උත්තර තියෙන්නෙ මං ගාව වගේ..ජන්ග්කුක්ෂී මගෙන් උත්තරයක් අහනවා වගේ..අපි දෙන්නම එකිනෙකා දිහා බලාගෙන හිටියෙ අනිත් කෙනාගෙන් උත්තර බලාපොරොත්තුවෙන්..

"පුදුම වුණාද?" අප්පා අහද්දි අපි දෙන්නම අප්පා දිහා බැලුවෙ පුදුම වෙලා..

"අප්පා..."ජන්ග්කුක්ෂී මිමිණුවා...

අප්පා මගෙයි ජන්ග්කුක්ෂීගෙයි ගාවට ඇවිල්ලා අපි දෙන්නගෙම ඔළුවෙන් අත් දෙක තිබ්බා..

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now