Third Person's View
පුටුවට බර වෙලා හිටිය තරුණ පොලිස් නිලධාරියා හිටියෙ බර කල්පනාවක..කම්පියුටර් එකේ ප්ලේ වෙන්න දාලා තිබ්බ සීසීීටීවී වීඩියෝ එක තවම ප්ලේ වෙනවා වුණත් ඒ ගැන නිලධාරියාට අවධානයක් නොතිබුණේ එකපාරක් දෙපාරක් නෙමෙයි සියපාරක්ම ඒ රෙකෝඩ් එක බලලා තිබුණ නිසා..
"එහෙනම් මේ එයාද?"අතේ තිබ්බ ෆයිල් එකේ තිබුණ ෆොටෝ එක දිහා බලාගෙන ඉන්ස්පෙක්ටර් මින් යුන්ගි තමන්ටම මුමුණ ගත්තා..ඊළග යුන්ගි හැරුණෙ තමන්ගෙ සගයා දිහාට..
"හෝසොක්..ජොන් සෝයූන්ගෙ ගේ අවට තිබ්බ එකම සීසීටීවී කැමරා එක මේකද?"යුන්ගි ඇහුවා..
"ඔව් සර්..ඔය කැමරා එකත් තිබ්බෙ ගෙදරක උඩ තට්ටුවෙ හයි කරලා..වෙන කිසිම කැමරා එකක් හම්බුණෙ නෑ.."හෝසොක් උත්තර දුන්නෙ ලොකු හුස්මක් හෙලලා..
"හ්ම්ම්..දැන් කන්ග් දායොන් කොහෙද ඉන්නෙ?"යුන්ගි ඇහුවෙ ආයෙත් පාරක් කම්පියුටර් එකට ඇස් දෙක ඔබන ගමන්..හෝසොක් යුන්ගිගෙ පැත්තට හැරුනෙ බලාපොරොත්තු කඩවුණු පෙනුමකින්..
"එයා කොහෙ ඉන්නවද කියලා හොයා ගන්න බැරි වුණා සර්..හැබැයි එක දෙයක්..එයා දැන් ගෙදර නම් නෑ..එයා ගෙදරින් ගිහින්.."හෝසොක් කියද්දි යුන්ගෙ වාඩි වෙලා හිටිය තැනින් නැගිටලා කැප් එක දාගත්තා..
"අපි එයාව ඉක්මනට හොයාගන්න ඔිනෙ හෝසොක්...මොකක් හරි නරක දෙයක් සිද්ධ වෙන්න කලින්..පුළුවන් තරම් ඉක්මනට කන්ග් දායොන්ව ඇරෙස්ට් කරන්න වොරන්ට් එක ගන්න.."යුන්ගි පොලිස් ස්ටේෂන් එකෙන් එළියට බැස්සෙ සගයාට එහෙම කියාගෙන..
***********
"සෝයූන්...සොයූන්..මොකද මේ?ඇස් අරින්න.."චේයොන් කෑ ගැහුවෙ කාමරේ බිම වැටිලා හිටිය සෝයූන්ගෙ මූණට තට්ටු කරන අතරෙ..යන්තමට හෙල්ලෙන ඇස්පිහාටු වලින් කෙල්ල ඇස් අරින්න නිශ්ඵල උත්සහයක යෙදුණා..ඒත්..සති ගානක් තිස්සෙ නොකා නොබී කදුළු නිදහස් කරමින් හිටිය කෙල්ලගෙ ඇගේ පොඩි පණක්වත් ඉතුරු වෙලා තිබ්බෙ නැති නිසාම කෙල්ලට ඇස් ඇරගන්න බැරි වුණා..
"ඔප්පා..ජිමින්..අනේ එන්නකෝ.."චේයොන් පහළ තට්ටුවෙ හිටියෙ කොල්ලො දෙන්නට කෑ ගහලා කතා කරද්දි ජන්ග්කුක් ජිමින් දෙන්නම රූම් එකට දුවගෙන ආවෙ කලබලෙන්..මැලවිලා ගිය මූණෙන් බිම වැටිලා හිටිය කෙල්ලව දැක්කම ජන්ග්කුක්ට දැනෙන්නෙ කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඔිනෙ නෑනෙ..කොල්ලා එතනම දණ ගහගෙන කෙල්ලව අත් අතරට ගත්තෙ අධික වේදනාවක් මතු කරලා හිතට පහර දෙන දුක් කන්දක් එක්ක..
YOU ARE READING
Love Blossom | Jungkook Centric | Completed
Fanfictionමට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11