Chapter 9

1.7K 413 98
                                    

Soo-yun's View

ජන්ග්කුක්ෂීට හැමදේම කිව්වට පස්සෙ මගෙ හිතට ලොකු සහනයක් දැනුනෙ..මම කවදාවත් මේ දේවල් ගැන කාටවත් කියන්න හිතුවෙ නෑ..විශේෂයෙන් ජන්ග්කුක්ෂී මගෙ දුක අහන්න ඉදිරිපත් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ..

මම ජන්ග්කුක්ෂීගෙ වයිෆ් නෑ කියන එක ගැන දැනගෙන හිටියා..ඒත් එයා මෙච්චර වේදනාවකින් ඉන්නවා කියලා මම හිතුවෙ නෑ..

දැන් මම ජන්ග්කුක්ෂීට හැමදේම කියලා ටිකක් කල්..ජන්ග්කුක්ෂී හිටියෙම එයාගෙ boss mode එකෙන්...ඒක ඇත්තටම  මට ලොකු සහනයක්..මොකද ජන්ග්කුක්ෂී එදා මං කියපු දේවල් ගැන ප්‍රශ්න කරන්න ආවෙත් නෑ..මම ජන්ග්කුක්ෂී ගෙන් මුකුත් අහන්න ගියෙත් නෑ...

සමහර විට එයා ඒ හැමදේම අමතක කරලා ඇති...

'ඇත්තනෙ..එයාට තියෙන ප්‍රශ්න මදිවට මේ කොහෙවත් යන කෙල්ලෙක්ගේ ප්‍රශ්න හිතේ තියාගන්නෙ මොකටද?කොහොම වුණත් එදා මාත් එක්ක හිටියට බොහොම ස්තූතියි ජන්ග්කුක්ෂී...'

දායොන්ව රවට්ටන්න දිගින් දිගටම ජන්ග්කුක්ෂී හැසිරුණෙ මම එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ..ඒකට හිත රිදිලද මන්ද දායොන් ටික දවසකින් මේ පැත්තෙ ආවෙත් නෑ..ඒ නිසා මමවත් ජන්ග්කුක්ෂීවත් අපහසුතාවයට පත් වුණෙත් නෑ..



තවමත් ජන්ග්කුක්ෂී ඔෆිස් එකට ආවෙ නෑ..

'කොහේ ගිහින්ද? ජන්ග්කුක්ෂීගෙන් අහගන්නෙ නැතුව මේ ෆයිල්ස් අත්සන් කරගන්නත් බෑ.. ජිමින්ෂී ඇවිල්ලත් නෑ.. 'මම හිත හිත ඉන්නකොට ඔෆිස් එකේ දොර ඇරුණා..

මම ජන්ග්කුක්ෂීව බලාපොරොත්තුවෙන් හිටියත් ආවෙ වෙන කෙනෙක්.. ඒ දායොන්...මම කීයටවත් මෙයාව බලාපොරොත්තු වුණේ නෑ..

"දායොන් මැඩම් ඔයා මේ....."මට එතනින් එහාට සම්පූර්ණ කරන්න වුනේ නෑ...ඇස් දෙක නිලංකාර වෙලා යන තරමේ වේදනාවක් කම්මුලට දැනෙද්දි මාව විසිවෙලා බිමට වැටුනා..ඇස් දෙක කදුළින් පිරුණෙ කම්මුල පුපුරන තරම් දැනුන වේදනාව නිසා..

දායොන් මාව ආයෙමත් මම බිම ඉන්නකොටම මගේ කොණ්ඩෙන්  අල්ලගෙන උස්සලා මගෙ මූණට එබුණා..

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now