Jungkook's View
"සෝ...සෝයූන්...රූෆ්..ටොප් එකට...ගි.. ගියා ජන්ග්කුක්...."ජිමින්ගෙ ඒ වචන...
මට දැනුනෙ මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුනා වගේ...කකුල් දෙක පොළවට ඇදගත්තා වගේ..විදුලි රේඛාවක් වගේ මගෙ හිතේ ඇදුනෙ සෝයූන් එදා කියපු දේවල්..
"අප්පා නැති වුණොත් මට මේ ලෝකෙ ජීවත් වෙන්න හේතුවක් නෑ...එදාට මං මේ හැමදේකින්ම නිදහස් වෙලා ඔම්මයි අප්පයි ගාවට යනවා..."
බැරිවෙලාවත් එහෙම දෙයක් ?....අන්ද්වේ...අන්ද්වේ...එහෙම වෙන්න විදිහක් නෑ..
'නෑ...සෝයූන්..ඔයාට එහෙම කරන්න බෑ...'
'මං එදා ඔයාට කිව්වා ඔින දේකට මං ඉන්නවා කියලා...මේ ඔයා නෙවෙයි...ඔයාට එහෙම යන්න බෑ...'
ගාඩ්වත් තල්ලු කරගෙන මම රූම් එකෙන් එළියට ආවා..කකුල් පැටලිලා වැටෙන්න යද්දි මගෙ පස්සෙන් එන්න හදපු ගාඩ් මාව අල්ලගත්තා...
"මාත් එක්ක එන්න එපා.."මම ඒ මනුස්සයාට කිවුවෙ අසිහියෙන් වගේ..
මම දැනගෙන හිටියා මම දැන් යන්න ඔින පල්ලෙහාට..ඒත් මොකක් හරි හේතුවකට මගේ කකුල් ඉස්සුණේ රූෆ්ටොප් එකට යන්න..
මගේ උගුරකට වේලිලා.. ඇගට පොඩ්ඩක්වත් පණ නෑ...හිතේ තිබුනෙ එකම එක දෙයක් ගැන විතරයි..
"සෝයූන්....සෝයූන්..සෝයූන්..."මගේ හිත කෑ ගැහුවෙ ඒ නම කියලා විතරයි..
මම හුස්ම ගත්තාද කියන්නවත් මට මතක නෑ...
'චේබල් සෝයූන්...ඔයාට එහෙම කරන්න බෑ..මං එනකම් ඉන්න...චේබල්..'
පඩිපෙළ බොදවෙලා පේන්න ගත්තෙ ඇස්වල පොරකකා තිබ්බ කදුළු වලට..මම ඇවිද්දෙ හිතේ හයියෙන්...මට මොකද මේ වෙන්නෙ? නෑ...මම යන්න ඔින...කොහොමහරි...
අමාරුවෙන් මම අන්තිමට රූෆ්ටොප් එකට යාගත්තා... උඩට ගියාම මම දැක්ක දේ.....
සෝයූන්.... සෝයූන් ඉන්නවා...
බිම වාඩිවෙලා කුරුළු පැටියෙක් වගේ බයේ ගැහි ගැහි මගේ සෝයූන් ඉන්නවා..දුක,සතුට,භය හැමදේම මගේ ඇස්වලින් කදුළු වලට හැරිලා දෝරෙ ගලන්න පටන් ගත්තා..ඉහළට ගත්ත හුස්ම එක හෙලාම පල්ලෙහාට දැම්මෙ හීන වෙලා ගිය ශක්තිය ආයෙත් මගේ ඇගට උරද්දි..
YOU ARE READING
Love Blossom | Jungkook Centric | Completed
Fanfictionමට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11