Chapter 11

1.7K 401 126
                                    

Soo-yun's View

මම දැකපු දේ...

නෑ....කොහොමද එයා එහෙම කරගත්‌තෙ?

මම උඩට ගියෙ හිතේ තිබ්බ වියවුල් බව හින්දමයි..උදේ දායොන් ගහපු පාරට ආපු කම්මුලේ ඉදිමීම ටිකක් අඩුවුණේ ජන්ග්කුක්ෂී අයිස් තිබ්බ නිසා..තොලෙනුත් ලේ එන එක නැවතුනා..

'ජන්ග්කුක්ෂී...මේ තරම් මට ළං වෙන්න එපා ජන්ග්කුක්ෂී..මං ගැන හොයන්නත් එපා..මට දරාගන්න බෑ..'

මම හිත හිතම ගියෙ ජන්ග්කුක්ෂී ගැන..

රෑෆ් ටොප් එක කියන්නෙ හිතේ නිදහසට පෝර දාන තැනක්..සීතල හුළග ගෙනාවෙ කියාගන්න බැරි තරම් සනීපයක්..

ඒත් මං උඩට යද්දි..අත්වැට උඩ නැගලා හිටියෙ ගෑනු ළමයෙක්..

'මොකක්? එ...එයා එතනින්? නෑ..නෑ.. එහෙම වෙන්න දෙන්න බෑ..'තවත් ළගට යද්දියි මම දැක්කෙ..

යූනා...යූනා කියන්නෙ ඔෆිස් එකේ මට හිටපු හොදම යාළුවෙක්..හැමදාම උදේට හිනාවෙලා good morning කියන, හැමවෙලාවෙම පිස්සියෙක් වගේ කියව කියව ඉන්න යූනා..අද මේ විදිහට..අනේ මේක විහිළුවක් වෙන්න..

"යූනා...."මම පිටිපස්සට ගිහින් හිමීට කතා කළා..

මගේ පැත්තට මූණ හරවපු එයාගෙ මූණ අඩලා සුදුමැලි වෙලා..

"අහන්න...යූනා...විහිළු කරන්න එපා...බහින්න ඔතනින්..අපි කතා කරමු..අනේ බහින්න.."

මම දහසක් දේවල් එයාට කිව්වා...ඒත් එයා ඒ කිසිම දෙයක් අහන මට්ටමක නෙවෙයි හිටියෙ..

"ඔයාට තේරෙන්නෙ නෑ සෝයූන්..ඇස් ඉස්සරහම මගේ පවුලෙ අය මාව රවට්ටද්දි, මගේ ආදරේ අත අරින්න කියද්දි දැනෙන වේදනාව ඔයාට තේරෙන්නෙ නෑ..එයාලා මට කිව්වා මම ආදරේ කරපු කෙනා මාව මැරි කරන්න බෑ කිව්වා කියලා..ඒත්...ඒත්...මගෙ පවුලෙ අයම එයාට බලපෑම් කරලා තිබ්බා මට ළං වුණොත් එයාවයි පවුලෙ අයවයි මරනවා කියලා..ඒ වේදනාව දරාගන්න බැරි කමට එයාත් ජීවිතේට සමුදුන්නා..."

මට එතනින් එහාට මුකුත්ම කියාගන්න බැරි වුනා..'අද උදේ දායොන් ඇවිල්ලා කිව්වෙත් මේ දේවල්මයි නේද?' මම...මට යූනාව නවත්තන්න ඔින..

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now