Chapter 20

2.1K 397 184
                                    

‌Third Person's View

ජන්ග්කුක් සෝයූන්ගෙ තුරුළට වෙලා පසුතැවීමත් එක්ක එකතු වුණු කදුළුවලට ජන්ග්කුක්ව අතඇරලා යන්න ඉඩ දුන්නා..සෝයූන් කරේ ජන්ග්කුක්ට ඇතිතරමට අඩන්න දීලා ජන්ග්කුක්ගෙ පිට අත ගගා හිටිය එක..කෙල්ල තවමත් පුදුම වෙලා ඉන්නෙ ජන්ග්කුක්ගෙ මේ හැසිරීම නිසා..ජන්ග්කුක් මෙහෙම අඩද්දි සෝයූන්ගෙ හිත ඇතුළෙ ලොකු දුකක් දැගලුවා..මොකද ජන්ග්කුක් සෝයූන්ගෙ කදුළු දකින්න කැමති වුණේ නෑ වගේම සෝයූන් කැමති වුණෙත් නෑ ජන්ග්කුක් අඩනවා දකින්න..

සෝයූන් තවමත් පුදුම වෙලා ඉන්නෙ කොල්ලා කියපු දේවල් නිසා..කොල්ලා ඉල්ලුවෙ සමාව..ඒ වගේම තව අවස්ථාවක්..‌කෙල්ල හීනෙකින්වත් හිතුවෙ නෑ ජන්ග්කුක් කලින් හැසිරුණ විදිහත් එක්ක ‌මේකට කැමති වෙයි කියලා..සෝයූන් මුකුත්ම නොකියා ටිකක් වෙලා හිටිය විදිහටම හිටියා..

කෙල්ලට දැනුනා ජන්ග්කුක්ව ගැහෙනවා..ඒක පුදුම වෙන්න දෙයක් නෑ..මෙච්චර සීතලේ තෙමුණහම..ඒ වගේම ජන්ග්කුක්ව එන්න එන්නම සැහැල්ලු වෙනවා කියලා දැනුන නිසා සෝයූන්ව ටිකක් කලබල වුණා..මොකද පැය ගානක් තිස්සෙ වැස්සට තෙමි තෙම් ඇවිද්ද නිසා ජන්ග්කුක්ගෙ ඇග පණ නැති වීගෙන එනවා..

"ජන්ග්කුක්ෂී..ඔයා හොදින්ද?"කෙල්ල හැදුවෙ ජන්ග්කුක්ගෙන් ඈත් වෙන්න..කෙල්ලට ඔිනෙ වුණේ ජන්ග්කුක්ගෙ මූණ දිහා බලන්න..ඒත් ජන්ග්කුක් තවත් තදින් සෝයූන්ව බදාගත්තා..

"ය..යන්න..එ..එපා..සෝයූන්..මාව..දාලා..යන්න..එපා.."ජන්ග්කුක් කිව්වෙ ගැහෙන කටහඩින්..සෝයූන්ගෙ හදවත නැවතුණා වගේ දැනුනෙ ජන්ග්කුක් ඒ කියපු දේට..

"මම ඔයාව දාලා කොහෙවත්ම යන්නෙ නෑ ජන්ග්කුක්ෂී..ඒත් ඔයා මට ඔයාගෙන් ඈතකට යන්න කිව්ව දවසට..එදාට කොච්චර අමාරු වුණත් මම යන්නම්.."සෝයූන් මිමිණුවෙ ඇහෙන නෑහෙන ගානට..

"යන්න..එපා..."සෝයූන් මිමිණුව දේ ඇහිලා ජන්ග්කුක් කිව්වෙ වේදනාවෙන් වගේ..සෝයූන්ව ගැස්සුණේ ජන්ග්කුක් දීපු උත්තරේ නිසා..සෝයූන්ට තවත් දරාගන්න පුළුවන් කමක් තිබුණේ නෑ..සෝයූනුත් ටිකක් ජන්ග්කුක්ට ගුලි වෙලා ඇඩුවා..ජන්ග්කුක්ට නොදැනෙන්න..

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now