Jungkook's View
මගේ සෝයූන් දැන් කවදාටත් වඩා සන්තෝසෙන් ඉන්නවා කියලා මට තේරෙනවා..හැමවෙලේම හිනාවෙලා මගේ තුරුළට වෙලා ඉන්නයි එයා කැමති..ඔෆිස් එකේදි අපි අතරෙ සම්පූර්ණයෙන්ම තිබ්බෙ රාජකාරීමය බැදීමක් විතරයි..හැබැයි ඉතිං ඔෆිස් රූම් එකේ කවුරුත් නැති වෙලාවට එයාටත් හොරෙන් එයාට දෙන වැළද ගැනීම්,පොඩි පොඩි හාදුවලින් නම් අඩුවක් වුණේ නෑ..ඒ වෙලාවට එයාගෙ මූණ රතු වෙන විදිහට මං ගොඩාක් ආසයි..
අපේ ආදරේට ලොකු කාලයක් නෑ..ඒත් මේ ටික දවසට ලැබුණු ආදරේ කල්පයක් තරම්..ටිකෙන් ටික ජන්ග්මි මගේ මතකෙන් ඈතට යන්න පටන් ගත්තා..එක අතකින් මං ඒ ගැන දුක් වුණත් හිතේ මෙච්චර කාලයක් ගොඩගැහිලා තිබ්බ හැම වේදනාවක්ම වගේ නැති වෙලා ගියා..මට හිතෙනවා මං ආත්මාර්ථකාමී වුණාද කියලා..ඒත් හියොන්ටත් ඔිනෙ වෙලා තිබ්බෙ ජන්ග්මිව මගේ මතකයන්ගෙන් ඈත් කරන්න..ජන්ග්මි ටික ටික ඈතට යද්දි සෝයූන් ඒ අඩුව පිරෙව්වා..
එන්ගේජ්මන්ට් එකෙන් පස්සෙ සෝයූන්ට අපේ ගෙදර ඇවිල්ලා නවතින්න කිව්වත් සෝයූන් ඒකට වැඩිිය කැමති වුණේ නෑ..එයා කිව්වෙ තව ටික දවසක් එයාට එයාගෙ ගෙදර ඉන්න ඔිනෙ කියලා..මං කිසිම බල කිරීමක් කරන්න ගියෙ නෑ..මං දන්නවා..ඒ ගෙදර තමයි එයාගෙ ඔම්මාගෙයි අප්පාගෙයි හැම මතකයක්ම ඉතුරු වෙලා තියෙන්නෙ..ඒනිසයි සෝයූන්ට තව ටික කාලයක් ඒ ගෙදර ඉන්න ඉඩ දුන්නෙ..ඒ වෙනුවට ගොඩක් වෙලාවට මං සෝයූන්ගෙ ගෙදර ගියා..මගෙ කෙල්ල නොදැක ඉන්න හරිම අමාරුයි..එයාගෙ අහිංසක ආදරේ මාව පිස්සු වට්ටලා..
ඒත්..එයා නොදන්න,මං එයාට නොකියපු තව දෙයක් තියෙනවා..ඒ එයාගෙ අප්පා ගැන..එදා හොස්පිටල් එකේදි නම්ජුන් හියොන් මුණගැහුණ වෙලාවෙ මං හියොන්ට කිව්වා සෝයූන්ගෙ අප්පාගෙ තත්වෙ ගැන සෝයූන්ට කියන්න කලින් මට දන්වන්න කියලා..සෝයූන්ට මම තවම කිව්වෙ නෑ එයාගෙ අප්පගෙ ජීවිතේ ගැන තියෙන බලාපොරොත්තු දවසින් දවස අඩුවෙනවා කියලා..අවුරුදු හයක්ම සෝයූන්ගෙ අප්පා ජීවත් වෙන්නෙ මැෂින් වලින්..නම්ජුන් හියොන් කිව්ව විදිහට සෝගෙ අප්පා ගොඩක් දුර්වලයි..
මං කොහොමද දෙයියනේ සෝයූන්ට ඒ ගැන කියන්නෙ?මගෙ කෙල්ල මැරිලා යයි..සෝයූන් අවුරුදු ගානක ඉදලා මහන්සි වෙන්නෙ අප්පාව නැගිට්ටවන්න..ඒත්..එයා දැනගත්තොත් එයාගෙ අප්පා කවදාවත් නැගිටින්නෙ නෑ කියලා..මගෙ මැණික එච්චර දුකක් දරාගන්නෙ කොහොමද?
YOU ARE READING
Love Blossom | Jungkook Centric | Completed
Fanfictionමට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11