Third Person View
කෙල්ලගෙ අතින් ඇදගෙනම ගිහින් ජන්ග්කුක් කෙල්ලව බංකුවකින් වාඩි කරවගත්තා..කොල්ලත් එහා පැත්තෙන් වාඩි වුණේ් තරහින් වගේ..
"ඊයෙත්?"කොල්ලා ඇහුවෙ හැමදේම දන්න නිසා..
"හ්ම්ම්..ඊයෙ නැන්දා ගෙදර ආවා ජන්ග්කුක්.."
"ඒ ගෑනි උඹට මෙච්චර ගහනකම් උඹ මොනවද කරේ ආධ්‍යා?කවදා වෙනකම් මේ දුක විඳින්නද උඹ?"
"මං දන්නෙ නෑ ජන්ග්කුක්..මොන කරුමයක්ද මන්දා මේ මං ගෙවන්නෙ..මේ ගහන පාරකටවත් මං මැරිලා ගියොත්.."කෙල්ල බිම බලාගෙන අඬද්දි ජන්ග්කුක් කෙල්ලව පපුවට තුරුළු කරගත්තා..
"අඬන්න එපා ආධ්‍යා..මං ඉන්නවනේ උඹ එක්ක..මම හැමදාම කියන්නෙ උඹට පුළුවන් අපේ ගෙදර ඉන්න..අපි යමු.."කෙල්ල ජන්ග්කුක්ගෙන් ඈත් වුණේ හිනාවෙලා..
"එපා ජන්ග්කුක්..ඔයා මං වෙනුවෙන් මේ කරන දේවල් හොඳටම ඇති..ඔයා මට සලකන්නෙ ඔයාගෙ නංගිට වගේ..ඒකම ඇති මට.."කෙල්ල කියද්දි ජන්ග්කුක්ව ටිකක් ගැස්සුණා..කොල්ලා හිමීට කෙල්ලගෙ ඔළුව අතගෑවා..
"ආධ්‍යා..මං උඹේ අයියා නේද?උඹ හැමවෙලාවෙම කියන්නෙ එහෙමනෙ..ඉතිං ඕනෙම දේකට මේ අයියා ඉන්නවා හරිද?තේරුණානෙ?"
"හ්ම්ම්.."කෙල්ල කිව්වෙ බිම බලාගෙන..
"කාලා නෑ නෙ?"ජන්ග්කුක් ඇහුවා...
"නෑ...කන්න වෙලාවක් තිබ්බෙ නෑ.."
"එන්න.. රුමී එනකම් අපි කැෆටේරියා එකට යමු.."ජන්ග්කුක් කෙල්ලගෙ අතකින් අල්ලගෙන කැෆටේරියා එක පැත්තට යන්න පටන් ගත්තා..
Jungkook's View
ඔයා නොදන්න ඇත්ත මං ඔයාට කොහොම කියන්නද?
මට සමාවෙන්න ආධ්‍යා..
මම ඔයාව ඇහැක් වගේ බලාගන්නම් මැණික..
මොකද..
මං කෙනෙක්ට ඒ ගැන පොරොන්දු වුණා..
මම ඒ පොරොන්දුව ඉෂ්ට කරනවා..
Third Person View
කැෆටේරියා එකට ගිය වෙලාවෙ ඉඳන් කෙල්ලො සේරගෙම ඇස් තිබ්බෙ ජන්ග්කුක් දිහාට...ජන්ග්කුක් එක්ක හිටිය ආධ්‍යාවත් ඒ බැල්මට අහු නොවුණා නෙමෙයි..
YOU ARE READING
Broken Angel | Taehyung Centric | Completed
Fanfiction~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්‍යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07...