Chapter 19

893 233 74
                                    

Taehyung's View

ජීවිතය..

ඒක පුදුමයන්ගෙන් හැදුණ හරි අපූරූ නවාතැනක් කියන දේ මම දැනගෙන හිටියා..ඒත් ඒක මේ තරම් පුදුමයක් වුණෙ කොහොමද?අපි හැමෝගෙම ජීවිත කොයි ආකාරයෙන් හරි එකිනෙකා එක්ක බැඳිලා තියෙනවා..මම හැමදේටම වඩා පුදුම වුණේ මගෙ ඒන්ජල්ටයි මගෙ ඔම්මටයි තියෙන සම්බන්ධය දැන ගත්තම..මම,ජන්ග්කුක්,ආධ්‍යා..අපි තුන්දෙනාම එකම ඔම්මා කෙනෙක් වටේට මේ විදිහට බැඳුණෙ කොහොමද?

මම ආධ්‍යායි ඔම්මයි අතර තියෙන සම්බන්ධය නිසා සතුටු වෙන්න නේද ඕනෙ?ඒත්..මම ඒකට තරහා ගත්තා..මගෙ ඔම්මත් එක්ක තියෙන තරහද?ජන්ග්කුක් එක්ක තියෙන තරහද?එහෙමත් නැත්නම් මට මං ගැනම තියෙන තරහද මන්දා මම මගෙ ඒන්ජල් පිටින් යැව්වෙ හරිම නපුරු විදිහට..

නින්දක් නැතුව ඇඳේ එහාට මෙහාට පෙරලි ‌පෙරලි හිටිය මම පාන්දරම රූම් එකෙන් එළියට ආවෙ වතුර ටිකක් බොන්න කියලා හිතාගෙන..සාලෙ ‌වැහිලා තිබ්බ මලානික අඳුරු ආලෝකයෙන් මම දැක්කෙ සෝෆා එකට වෙලා ගුලි වෙලා නිදාගෙන ඉන්න ආධ්‍යාව..පපුව ගැහෙන එක මොහොතකට නතර වුණා වගෙයි මට දැනුනෙ..මම හිමින් සැරේ එයා ගාවට ගිහින් දණ ගහගත්තා..තවමත් වියැකිලා නොගිය කඳුළු පාරවල් මගෙ කෙල්ලගෙ කම්මුල් පුරාම..ඒ කඳුළු වලට මූණට වැටුණ කොණ්ඩ කෑලි ඇලිලා..මම හිමින් සැරේ මූණෙ රැඳුණ කෙහෙරැල් ටික අයින් කරලා ආධ්‍යාගෙ අත අරගෙන පොඩි හාදුවක් දුන්නා.. පවු..මගෙ කෙල්ල මං නිසා හොඳටම අඬන්න ඇති..

*Flashback

මම ගෙදර එද්දිත් ආධ්‍යා ගෙදර ඇවිත් හිටියෙ නෑ..එයා මට මැසේජ් එකක් දාලා තිබ්බා එන්න හවස් වෙනවා කියලා..කෝල් කරාට ෆෝන් එක ආන්සර් කරෙත් නෑ..එයා කිව්වෙ ජන්ග්කුක් එක්ක පොඩි ගමනක් යනවා කියලා..කමක් නෑ..ජන්ග්කුක් එක්කනෙ ගියෙ..එයා පරිස්සම්..

ආධ්‍යා නැතුව මුළු ගෙදරම පාළුයි..එහාට මෙහාට කැරකි කැරකි හිටියෙ එයා ගෙදර එනකම්..එකපාරටම ආධ්‍යා දොර ඇරගෙන ආවෙ හරියට සුළිසුළඟක් වගේ..එයා නැවතුණේ මගෙ පපුවෙ වැදිලා..එහෙම්ම මගෙ ඉණ වටේ අත්දෙක යවලා මාව බදාගත්තා..

"ආදී..මොකද මේ?"මං ඇහුවා..

"ටේහියොන්..මට සතුටුයි ටේහියොන්..මට මගෙ ඔම්මව හම්බුණා..අනේ..මට කෑ ගහන්න තරම් සන්තෝසයි.."මං ඇඟේ එල්ලීගෙනම ආධ්‍යා උඩ පැන්නා..මගෙ කෙල්ල මේ තරම් සතුටින් ඉන්නවා මම කවදාවත් දැකලා නෑ..ඒත්...එයා කිව්වෙ ඔම්මා?

Broken Angel | Taehyung Centric | CompletedWhere stories live. Discover now