Chapter 5

1K 267 58
                                    

Third Person View

චුරු චුරු සද්දෙන් පොළවට වැටෙන වැහි බිඳු දිහා ටේහියොන් බලන් හිටියෙ කලකිරීමෙන් වගේ..කලින් දවසෙ සිද්ධ වුණ දේවල් කොල්ලගෙ හිත අවුල් කරලා දාලා..ආධ්‍යාගෙ වචන ටේහායොන්ගෙ හිත පාරන්න තරම් තියුණු වුණා..කෙල්ල ටේහියොන්ව රිද්දන්න එහෙම⁣ නොකිව්වා වෙන්න ඇති..ඒත් කොල්ලට ඒකෙන් රිදුනා..

කොල්ලා තමන්ටම වෛර කරගත්ත වාර අනන්තයි..

දැන් ඒක ඊටත් වැඩියි..

"පුංචි මහත්තයෝ..මොකද මෙතනට වෙලා කරන්නෙ දරුවො?"අජුම්මා ඇවිත් කොල්ලට කතා කරනකම්ම ටේහියොන් හිටියෙ ජනේලෙන් වැස්ස දිහා බලාගෙන..ටේහියොන් අජුම්මා දිහාට හැරුණෙ හිනාවෙලා..

"නිකන්..අද නිවාඩු දවසනෙ අජුම්මා..අනික මේ ජිමිනත් තවම නිදිනෙ.."ටේහියොන් කිව්වෙ ඇඳම බදා‌ගෙන නිදාගෙන ඉන්න ‌ජිමින්ව පෙන්නලා..අජුම්මා ජිමින් දිහා බලලා හිනා වුණා..ටේහියොන් ගිහින් අජුම්මගෙ පිටිපස්සෙන් බදාගත්තා..

"මොකද මේ හුරතලේ?"අජුම්මා ඇහුවා..

"අජුම්මා..මගෙ ඔම්මා ගැන අජුම්මා දන්නවා නේද?"

"හ්ම්ම්..මියන්ග් මැඩම් ගැන මං තරම් වෙන කවුරුත්ම දන්නෙ නැතුව ඇති..මෙච්ච වයසක මටත් මැඩම් සැලකුවෙ යාළුවෙක්ට වගේ..මගෙ මිණිබිරී ලැබුණ වෙලාවෙත් මැඩම් තමයි අපිට ලොකු හයියක් වුණේ..මැඩම් තරම් හොඳ ගෑනියෙක් මට මගෙ ජීවිතේටම හම්බෙලා නෑ.."අජුම්මා කියද්දි ටේහියොන් අජුම්මගෙ මූණට එබුණා..

"ම්වෝ?අජුම්මට මිණිබිරියෙක් ඉන්නවා?"

"දේ.. ටේහියොන් පුතාගෙ වයසෙමයි.."අජුම්මා කියද්දි කොල්ලා තවත් පුදුම වුණා..

"ඈ..අජුම්මා?ඔයාට එච්චර ලොකු මිණිබිරියෙක් ඉන්නවද?"

"හ්ම්ම්..මගෙ දුවට දරුවා ලැබුණෙ පොඩි වයසෙදි..ඒ නිසාම මගෙ කෙල්ලට දරාගන්න බැරි වුණා..දරුවා ලැබෙද්දිම මගෙ දුව නැති වුනා පුතා..මගෙ දුව වගේම ලස්සන කෙලි පැටික්කියක් මගෙ අත්වලට දීලා මගෙ කෙල්ල යන්න ගියා.."අජුම්මා ඒ ටික කිව්වෙ කඳුළු පිරුණ ඇස්වලින්..ටේහියොන් අජුම්මගෙ කඳුළු පිහිදැම්මා..

Broken Angel | Taehyung Centric | CompletedWhere stories live. Discover now