Aadya's View
මං දන්නෙ නෑ මම ඒ තීරණය ගත්තෙ කොහොමද කියලා..හිත ගලකටත් වඩා හයිය කරගෙනයි මම ආවෙ..ඒත්..ටේහියොන් ළඟ නොහිටි කාලෙ අඬපු නැති රැයක් නැති තරම්..හැම රෑකම තනියම සීතල කාමරේකට වෙලා ඉන්නකොට ටේහියොන්ගෙ උණුහුම හැම තත්පරයක් ගානෙම මතක් වුණා..ඒ ආදරේ..ඒ ආරක්ෂාව මතක් වෙන හැම තත්පරයකම මම මැරි මැරි ජීවත් වුණා..
මගෙ ටේහියොන්..එයා අඬනවා ඇති..මට සමාවෙන්න පණ..මට වෛර කරන්න එපා ඔයාව දාලා ආවට..මං මේ තීරණය ගත්තෙ ඔයා වෙනුවෙන්මයි..ඔයාගෙ අනාගතේ වෙනුවෙන්මයි..
*Flashback
"හැබැයි එක කොන්දේසියක්.."අප්පාගෙ කතාව නිසා මං බලන් හිටියා..මොකක්ද කොන්දේසිය?
"කොන්දේසියක්?"මං ඇහුවා..අප්පාගෙ මූණට ඒ වෙලාවෙ මැවුණෙ බැරූරුම් පෙනුමක්..
"ඔයා ටේහියොන්ව මැරි කළොත්..එයා තවදුරටත් කිම් පවුලෙ පුතෙක් නොවෙයි..එතකොට එයා අපේ පවුලට අයිති නෑ.."අප්පා කියද්දි මගෙ කකුල් දෙක පණ නැති වුණා වගේ..ඒ කියන්නෙ මං නිසා ටේහියොන්ට එයාගෙ පවුලත් නැති වෙනවා කියන එකද?
"ඒ..ඒත්.."
"ඒ වගේම ටේහියොන්ට අපේ පවුලෙන් ලැබෙන්න ඕනෙ කිසිම උරුමයක් නැති වෙලා යයි..එයා ඔයා එක්ක ඉඳී..ඔයා වගේම කිසි දෙයක් නැති හිඟන්නෙක් වගේ.."අප්පා කිව්වා..
මම මොකද කරන්න ඕනෙ?ඇයි අපේ අහිංසක ආදරේට මෙච්චර අවාසනාවන් සිද්ධ වෙන්නෙ?මං නිසා..ටේහියොන්ට එහෙම වෙන්න ඕනෙ නෑ..
මං අප්පාගෙ ඉසසරහින් දණ ගැහුවා..
"චේබල් අප්පා..එයාට එහෙම කරන්න එපා..චේබල්..මං ඔයා කියන ඕනෙම දෙයක් කරන්නම්.."මං ඒ කකුල්දෙක ඉස්සරහා ඇයදුවා..අප්පා මගෙ මූණට එබුණෙ තියුණු පෙනුමකින්..
"ඕනෙම දෙයක් කරනවද?"
"ඔව්..ටේහියොන් වෙනුවෙන් ඕනෙ දෙයක්.."මං කිව්වෙ ස්ථිර හඬකින්..
"එයාගෙන් ඈත් වෙන්න.."අප්පා එකපාරට කියපු දේත් එක්ක දණ ගහගෙන හිටපු මාව බිම ඉන්දවුණා..ඇස්වල කඳුළු පුරවගෙන මං බලන් හිටියෙ අප්පා කියන දේ අදහා ගන්න බැරුව..
YOU ARE READING
Broken Angel | Taehyung Centric | Completed
Fanfiction~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07...