Taehyung's View
ඒ පුරුදු කටහඬ..මට ඔම්මා කෙනෙක් වගේ මාත් එක්ක හිටිය කෙනා..මගෙ නූනා..
සෝහි නූනා...
"නූ..නූනා.."නූනාව දැක්කම මාව නැගිට්ටවුණේ ඉබේටමයි..මගේ ඇස්දෙක කඳුලට යට වුණා..අවුරුදු ගානකින් නොදැකපු මගෙ නූනා ඇස් ඉස්සරහම..නූනාගෙ අතේ තිබ්බ නෝට් බුක් එක බිමට අතඇරුණා..ඔව්..සෝහි නූනා මාව අඳුන ගත්තා..
"ටේ..ටේහියොන්..."ඒ ඇස්වලත් කඳුළු..ඊළඟ මොහොතෙදි මං ඉස්සර වගේම නූනාගෙ තුරුළට වුණා..
"නූනා..කොහෙද ගියෙ නූනා??ආ..ඔයාගෙ මල්ලිව දාලා කොහෙද ගියෙ?මතක් වුණේ නැද්ද මාව?"මං ඇහුවෙ අඬන ගමන්මයි..
"මියන්හේ මගෙ පැටියෝ..මේ නූනට සමාව දෙන්න.."
"ඇයි එහෙම කරේ නූනා..ඔයා නරකයි..ඔයාලා දෙන්නම නරකයි..යුන්ජි නූනත් මාව දාලා ගියා..ඔයත් මාව දාලා ගියා..මගෙ හියොන්ලත් මගෙන් ඈත් වුණා.."මං කියෙව්වෙ පොඩි ළමයෙක් වගේ..හැමදාම මං තමයි නූනලාගෙ හුරතලා වුණේ..එයාලා මට ආදරේ කලේ එයාලගෙම මල්ලිට වගේ..මට සතුටුයි කාලෙකින් නූනව ලැබුණ එකට..ඒත් මට ගොඩක් දුකයි..මගෙ නූනා මාව දාලා ගිය එකට..
"මියන්හේ ටේහියොන්.."නූනා කිව්වෙ මාව බදාගනමයි..ඈත් වෙන්න වුවමනාවක් තිබුණෙ නෑ මට මගෙ නූනාගෙන්..ආයෙත් නූනා මාව දාලා යයි කියලා බය හිතුණා..
"කෝ..කෝ..අයින් වෙන්න බලන්න..අර මිනිස්සුත් බලන් ඉන්නා මේ පොඩි එකෙක් අඬන දිහා.."නූනා මාව ඈත් කරලා මං දිහා බැලුවා..
"ඔයා මොනාද නූනා මෙහෙ කරන්නෙ?"මං ඇහුවා..
"ඒක දිග කතාවක් ටේ.."
"මට ඒ කතාව දැනගන්න ඕනෙ..මට කියන්න නූනා..මට ඒ හැමදේම දැනගන්න ඕනෙ.."මං ස්ථිර විදිහට කියද්දි නූනා ලාවට හිනාවුණා..
"මටත් ඒක ඔයාට කියන්න ඕනෙ..ජින් මට වෛර කරනවා ඇති එයාව දාලා ගියාට..එ්ත්..මට ඔයාටවත් වෙච්ච දේවල් කියන්න ඕනෙ..මෙතන කියන්න බෑ..අපි දෙන්නා එළියට යමු.."සෝහි නූනා කිව්වෙ රෙස්ටුරන්ට් එකෙන් එළියෙ තිබ්බ ටේබල් එකක් පෙන්නලා..මම බැලුවෙ ආධ්‍යා දිහා..
"කමක් නෑ ටේ..ඔයාලා යන්න..මම මෙතන ඉන්නම්.."ආධ්‍යා කිව්වෙ මාව තේරුම් ගත්තා වගේ..ඇත්තටම ආධ්‍යාව පවුලෙ ප්‍රශ්නවලට ඇදලා ගන්න මට වුවමනාවක් තිබ්බෙ නෑ..ඒකෙන් එයාට අවුලක් වෙයි කියලායි හිතුනෙ මට..
YOU ARE READING
Broken Angel | Taehyung Centric | Completed
Fanfiction~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්‍යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07...