Chapter 7

1K 264 53
                                    

Jungkook's View

මම හිටියෙ ඔම්මගෙ ඔඩොක්කුවෙන් ඔළුව තියාගෙන..ඔම්මගෙ ඇඟලි මගෙ ඔළුව පුරා දුවනවා..වෙලාවකට හිතෙනවා මම මේ ඉන්නෙ ටේහියොන්ට අයිති තැනක නේද කියලා..මම වැරදිද?ටේහියොන් ඔම්මා ගැන ඇත්ත දැන ගත්ත දවසට එයා ඔම්මව හොයාගෙන එයි..ඔම්මා ටේහියොන් එක්ක යයි..ඔයාට මාව අමතක වෙයිද ඔම්මා?ඔයා මාව දාලා ටේහියොන් ‌ගාවට යයි නේද?

"පුතා මොනවද කල්පනා කරන්නෙ?"ඔම්මගෙ ආදරණීය කටහඬත් එක්ක මම ඔළුව උස්සලා බැලුවා..ඔම්මා හරි ලස්සනට හිනාවෙලා මං දිහා බලන් ඉන්නවා..

"මුකුත් නෑ ඔම්මා..ඔම්මා අද මොනවා උයයිද කියලා කල්පනා කරේ.."

"අයිගෝ මේ කොල්ලා.."ඔම්මා මගෙ කන මිරිකුවා..මම හිනා වුණේ ඔම්මට තුරුළු වෙලා..මට දීපු හැමදේකටම කුමාවෝ ඔම්මා..ඒත් එක්කම කාමරෙන් එළියට ආවෙ අප්පා..අප්පව දැක්ක ගමන් මම එතනින් නැගිටලා එළියට ගියෙ අප්පා ඉස්සරහා ඉන්න එකත් මට අපහසුවක් නිසා..

ඇයි ඔයා ඒ වැරැද්ද කරේ අප්පා?ඔයාගෙ එක වැරැද්දක් නිසා ආධ්‍යා නොසෑහෙන්න විඳවනවා..ඔයා විතරක් නෙමෙයි..ආධ්‍යාගෙ ඔම්මත් වැරදි ඇති..ඒත් ඔයාලගෙ වැරැද්දක් නිසා ඒ අහිංසක කෙල්ල විඳවන්නෙ ඇයි?මගෙ නංගි මගෙ ඇස් ඉස්සරහම ඒ විදිහට වේදනා විඳිනවා මම කොහොම බලන් ඉන්නද?මම දුර්වලයි..මම මෝඩයි..හිතේ හිරකරගෙන ඉන්න හැමදේම කෑ ගහලා පිට කරන්න හිතුණ වාර අනන්තයි..දැනුත් එහෙමයි..කවුරුත් නෑ මාව සනසන්න..මගෙ අයියා මාත් එක්ක තරහයි..මගෙ නංගි එයාගෙ දුක මගෙන් හංගන්න හදනවා..මම මොකද කරන්නෙ?මට දැනෙන්නෙ මං හරි අසරණයි වගේ..

ගේට් එකත් ඇරගෙන එළියට ආවෙ ටිකක් ඇවිදින්න කියලා හිතාගෙන..ඔම්මට කිව්වෙත් නෑ..ෆෝන් එක අරගෙන ඔම්මට මැසේජ් එකක් දැම්මෙ මම තව ටිකකින් ගෙදර එනවා කියලා කියන්න..ඒ එක්කමයි මම දැක්කෙ ආධ්‍යා එවලා තිබ්බ මැසේජ්..

Aadya:
Kook..
I need to talk..
Can I call you?(02.35)

ආධ්‍යා මැසේජ් එක එවලා තියෙන්නෙ පාන්දර..ඒත් එච්චර පාන්දර එයාට මොනවද මාත් එක්ක කතා කරන්න තිබිලා තියෙන්නෙ?ආධ්‍යාට කරදරයක් ද?

Broken Angel | Taehyung Centric | CompletedWhere stories live. Discover now