Taehyung's View
සතියක් සද්ද නැතුවම ගෙවිලා ගියා..දැන් ආධ්‍යාට ටිකක් සනීපයි..අජුම්මා ආධ්‍යා ගැන අහද්දි අජුම්මාට සෑහෙන්න බොරු තොගයක් කිව්වා මම..එදා සිද්ධ වුණේ මොකක්ද කියලා අහද්දි ආධ්‍යා හැමවෙල්ම ඒ කතාව මග ඇරියා..එයා කිව්වෙ ඒ ගැන කතා කරන්න කැමති නෑ කියලා..
ආධ්‍යා එන්න එන්නම මගෙන් ඈත් වෙනවා වගේ.මට හිතාගන්න බෑ ඒ එයාගෙ සමාන්‍ය විදිහද නැත්නම් හිතලම එහෙම කරනවාද කියලා..මං කන්න ගේනකොටත්..බෙහෙත් දෙනකොටත් එයා මං දිහා නොබලා ඉන්න උත්සහා කරනවා වගෙයි මට දැනෙන්නෙ..එයාගෙ මූණෙ තියෙන්නෙ පසුතැවීමක්මයි..එයා මොනවා හරි ලොකු ප්‍රශ්නයක් හිතේ තියාගෙන ඉන්නවා වගේ..එක අතකට ප්‍රශ්න නැත්තෙ කාටද?
සිතුවිලි ගොඩකට මැදි වෙලා මං ගේ ඇතුළට අඩිය තිබ්බෙ සැකෙන් වගේ..ජින් හියොන් කෝල් කරලා අප්පා ගෙදර එන්න කියලා කිව්වෙ මං අප්පගෙ කෝල්ස් ආන්ස්වර් කරන්නෙ නැති නිසා වෙන්න ඇති..වැඩක් නෑ..අප්පගෙ කෝල් එකකින් හිත රිදෙන එකයි සිද්ධ වෙන්නෙ..ඒත් මගෙ හියොන් කිව්වම මට නොයා බැරි වුණා..
"එහෙනම් Congratulations mister Jung..අපි නෑදැයෝ වෙන්නයි යන්නෙ.."දොර ගාව හිටිය මම නැවතුනේ අප්පගෙ කතාව ඇහිලා..ඒත්..අප්පා එතකොට කියන්න හදන්නෙ...
"අප්පා.."මං කතා කළේ දොර ගාව ඉඳන්මයි..
"අහ්..අපි පස්සෙ කතා කරමු මිස්ටර් ජන්ග්.."අප්පා ෆෝන් එක කට් කරලා මං ගාවට ආවා..
"තමුසෙට ආරාධනා දෙන්නම ඕනෙ නේද ගෙදර මතක් වෙන්න.."මං මුකුත් කියන්නත් කලින් කුඩම්මා ඇවිත් මාව බදාගත්තෙ මාව පුදුම කරවලා..කිසිම දවස මේ මනුස්සයා මාව අල්ලලාවත් නැතුව ඇති..අද මොකද මේ දෙන්නට වෙලා තියෙන්නෙ??
"ඇයි අප්පා??"
"ඇයි කියලා අහන්නෙ...අපේ පවුලෙ අන්තිම එන්ගේජ්මන්ට් එක අපි ගොඩක් ලොකුවට කරන්න හිතාගෙන ඉන්නෙ.."කුඩම්මා කියපු දේ අහපු ගමන් මට දැනුනෙ මාව අතරමං වුණා වගේ..
"මො..මොනවද අප්පා මේ කියවන්නෙ?"
"තව මාස තුනකින් ඔය මහත්තයාගෙ එන්ගේජ්මන්ට් එක..ෆයිනල් එක්සෑම් ඉවර වුණ ගමන්ම මැරි කරන එක හොඳයි.."අප්පා කිසි ගානක් නැතුව කියද්දි මට ඉහිළුම් නැති වුණා වගේ්..
YOU ARE READING
Broken Angel | Taehyung Centric | Completed
Fanfiction~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්‍යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07...