Chapter 13

962 258 39
                                    

Third Person View

ආධ්‍යා හිටියෙ ටේහියොන්ගෙ උරහිසට ඔළුව තියාගෙන..ඊයෙ ටේහියොන් එන්න එක විනාඩියක් හරි පරක්කු වුණා නම් ආධ්‍යාව මග ඇරෙනවා නේද කියලා මතක් වෙද්දි කොල්ලට දැනුනෙ බයක්..ඒ වගේම දුකක්..එහෙම වුණා නම්..මේ ආදරේ කිසිම දවසක එකිනෙකාට කියාගන්න බැරි වෙනවා..දෙන්නම තවත් විඳවන්න තිබුණා..

"බබෝ..."ටේහියොන් කෙල්ලගෙ කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි යැව්වා..ආධ්‍යා ඇස් ඇරියෙ ටේහියොන්ගෙ ආදරේ පිරුණ කටහඬ දියපාරක් වගේ කෙල්ලගෙ හිතට ඇතුලු වුණ නිසා..

"ම්ම්ම්.."ටේහියොන් කෙල්ලගෙ මූණ දිහා බලාගෙන ආධ්‍යාගෙ අත්වලින් අල්ලගත්තා..

"මේ අහන්නකො ආදි මැණික..අපි දෙන්නා අඳුන ගෙන ලොකු කාලයක් නෑනෙ..ඒත් මං ඔයාට ආදරෙයි ගොඩාරියක්..අපි දැන් අඳුන ගමු.."ටේහියොන් ආධ්‍යාගෙ කම්මුලක් අතගෑවා..

"ඔයාට මොනාද දැන ගන්න ඕනෙ ටේහියොන්?"

"හ්ම්ම්..අපේ පරණ දේවල් ගැන කතා කරමු..පවුල් ගැන එහෙම.."ටේහියොන් කියද්දි ආධ්‍යාගෙ මූණ අඳුරු වුණා..

"පවුල?හැල්මොනි තමයි මට හිටිය එකම පවුල ටේ..ඒ නැත්නම් ජන්ග්කුක් රුමී දෙන්නා තමයි මට පවුලක් වගේ හිටියෙ.."කෙල්ල ආයෙත් කොල්ලගෙ උරහිසට හේත්තු වුණා..ටේහියොන්⁣ට ආධ්‍යාව රිද්දන්න වුවමනාවක් තිබ්බෙ නෑ..කොල්ලට ඕනෙ වුණේ ආධ්‍යාගෙ අඳුරු අතීතය ගැන දැනගෙන කෙල්ලට හයියක් වෙන්න නිතරයි..

"මියන්හේ මැණික..මං ඔයාව රිද්දන්න හිතුවෙ නෑ..අපි ඒක අමතක කරමු.."

"නෑ ටේ...මට කියන්න ඕනෙ.."ආධ්‍යා කිව්වෙ කොල්ලගෙ උරහිසට තවත් වාරු වෙලා..ටේහියොන් නිහඬ වෙලා කෙල්ලට කතා කරන්න ඉඩ දුන්නා..

"මගෙ ඔම්මා වැඩ කරලා තියෙන්නෙ කම්පැනි එකක CEOගෙ සෙකට්‍රි විදිහට..එතකොට තමයි මගෙ ඔම්මයි ඒ බොස්ගෙයි අතරෙ සම්බන්ධයක් තිබිලා තියෙන්නෙ..ඔම්මා ඒ මනුස්සයාට ගොඩක් ආදරේ කරලා..ඒ ආදරේ ප්‍රතිඵලයක් තමයි මම..ඒත්..ඒ මනුස්සයා කලින් කසාද බැඳපු කෙනෙක්..ඒ මිනිහා මගෙ ඔම්මව රවට්ටලා මගෙ ඔම්මව අතඇරලා දාලා..ඔම්මා මාත් එක්ක තනි වුණා..ඔම්මට ලොකු වයසකුත් නෑ ඒ වෙද්දි..ඒ නිසාම මම ඉපදෙද්දි මගෙ ඔම්මා නැති වුණා..කෙටියෙන්ම කියනවනම්..මම..අවජාතක කෙල්ලෙක් ටේහියොන්.."ආධ්‍යා කියද්දි ටේහියොන් කෙල්ලගෙ කම්මුල් දෙක දෝතට ගත්තා..කෙල්ලගෙ කම්මුලට පොඩි හාදුවක් දීලා ටේහියොන් කෙල්ලව පපුවට ගුලි කරගත්තා..

Broken Angel | Taehyung Centric | CompletedWhere stories live. Discover now