Chapter 14

931 245 89
                                    

Third Person View

ජනේලෙන් හොරෙන් සැරේ රිංගලා ආපු ඉර එළිය කෙල්ලගෙ කම්මුල්වල ඉඳන් ඉඟිබිඟි පාද්දි ආධ්‍යා ඇස් අරින්න එහාට මෙහාට පෙරළුණා..කෙල්ල යන්තමට ඇස් අරිද්දි කෙල්ලගෙ ඇස් මට්ටමෙන්ම හිටියෙ ටේහියොන්..කොල්ලා ආධ්‍යාගෙ අතකිනුත් අල්ලගෙන..ටේහියොන්ව දැක්ක ගමන් ආධ්‍යා ටිකක් ගැස්සුණත් කෙල්ල ඊට පස්සෙ ටේහියොන් දිහා බලාගෙන හිටියෙ සමවැදිලා වගේ..ආධ්‍යා කොල්ලාට දැනෙන නොදැනෙන ගානට ටේහියොන්ගෙ කම්මුලට අතක් තිබ්බා..

"මම දැන් සතුටින් ටේහියොන්..කුමාවෝ.."කෙල්ල මිමිණුවෙ ටේහියොන්ගෙ ඇස්දෙක දිහා බලාගෙන..

"ඔයාටත් කුමාවො ම⁣ගෙ ඒන්ජල්.."හිතුවෙ නැති විදිහට ටේහියොන් උත්තර දෙද්දි ආධ්‍යා ටක්ගාලා කොල්ලගෙ කම්මුලෙන් අත අයින් කරගෙන බ්ලැන්කට් එක යටට රිංගුවෙ ටේහියොන්ගෙන් හැංගෙන්න වගේ..

"ආහ්..කෝ බලන්න මේ හොර කෙල්ල.."කොල්ලා බ්ලැන්කට් එක අයින් කරන්න හැදුවත් ආධ්‍යා අතින් තදට බ්ලැන්කට් එක අල්ලගෙන..

"ආදි බබා..දැන් හැංගුණාට මං කවදාහරි දවසක අල්ලගන්නම්කෝ.."ටේහියොන් සෙල්ලක්කාර කටහඬකින් කියද්දි ලේ පිරෙන කම්මුල්වලට අත් තියාගෙන කෙල්ල සද්ද නැතුව හිටියා..

"කෝ..කෝ..එන්න..අපි ඇවිදින්න යන්න ඕනෙ.."ටේහියොන් කෙල්ලගෙ යටිපතුල් දෙක අතගෑවෙ කිචි කැවෙන්න වගේ..

"අනේ ටේහියොන්..එපා.."ආධ්‍යා කකුලත් ගසලා දාලා ඇඳෙන් නැගිට්ටෙ ටේහියොන් හිනා වෙද්දි..

"ඔය නැගිට්ටෙ ෂෝක් එකට..කෝ..වොෂ් එකක් දාගෙන එන්න..මම කන්න ලෑස්ති කරන්නම්.."ටේහියොන් කෙල්ලගෙ ඔළුව අතගෑවා..

"උයන්න??ඔයා??අර ගේ අස්කරා වගේද?"ආධ්‍යා හිනාවුණා..

"යා..යා..එහෙම නෑ..මට උයන්න පුළුවන්.."

"බලමුකො..බලමුකෝ.."ආධ්‍යා එහෙම කියාගෙනම ගියෙ බාත්රූම් එකට..

හේතුවක් නැතුවම ආදරේ කරන්න පටන් ගත්ත මේ හිත් දෙ⁣කම සතුටින් උතුරනවා..සමහර විට ආගන්තුක දෙයක් වුණ ආද⁣රේට එයාලා ආදරේ කරනවා ඇති..

උදේම් නැවුම් විදිහට සීතල වතුරට වෙලා ඉන්නකොට දැනෙන සනීපය විඳලා තියෙනවාද?ආධ්‍යා ඒ වින්දනය විඳගනිමින් ඇස් පියාගත්තා..ඇස් පියාගත්තත් කෙල්ලගෙ මනස පුරාම ඇඳුණෙ ටේහියොන්ගෙ රූපෙ..මේ වෙලාවෙදි කොල්ලා ළඟ නැති වුණත් කෙල්ලට තවමත් ටේහියොන්ගෙ ස්පර්ශය දැනෙනවා ‌වගේ..ඉපදුණ දවසෙ ඉඳන් දුකම විඳපු කෙල්ල දැන් ටේහියොන් නිසා ජීවිතේ ලස්සන පැත්තකුත් දකිනවා..කෙල්ලගෙ ඇඟේ ඇඳුම්වලින් වැහිලා තිබ්බ කඩතොළු පාරවල්,තැලුම් පාරවල්,සීරුම් පාරවල් අස්සෙන් සීතල වතුර ගලාගෙන යද්දි කෙල්ල ඒ ශේෂ වුණ තුවාල උඩින් අත් යැව්වෙ පොඩි හිනාවක් මූණෙ තියාගෙන..එදා නැන්දා කෙල්ලට මැරෙනකම් ගහපු සිද්ධිය ‌ආධ්‍යා කොහොම කොහොම හරි ටේහියොන්ගෙන් වසන් කරා..ආධ්‍යා පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ කෙල්ල මෙච්චර ආදරේ කරන කොල්ලා ඒ ගැන දැනගෙන දුක් වෙනවා බලන්න..

Broken Angel | Taehyung Centric | CompletedWhere stories live. Discover now