Chapter 25(part 2)

1.9K 318 448
                                    

Third Person View

තමන්ගෙ ඉස්සරහා තිබ්බ සොහොන් කොත් දෙක උඩින් අතේ තිබ්බ කපුරු මල් තියපු තරුණයා ඒ දිහා බලන් හිටියෙ හිස් බැල්මෙන්..ඒ තරුණයාගෙ ඇස්වල තිබ්බෙ දුකක්..කලකිරීමක්..පාළුවක්..වසන්ත සෘතුවේ ආරම්භය සනිටුහන් කරමින් වැටුණ මල් පෙති ඒ සොහොන් කොත් දෙක වහගත්තෙ අමුතුම ලස්සනක් ඒ පාළු සොහොනට එකතු කරලා..ස්මාරක උඩ තිබුණ සුදු මල් ඒ ස්මාරකයන්ට ගෞරවාන්විත බවක් ගෙනදුන්නා..

"ඔයාලට පාළු නෑ නේද?දෙන්නම එකතැන නෙ ඉන්නෙ.."තරුණයා හිමින් සැරේ මිමිණුවා..

"ජන්ග්කුක්.."ඒ කටහඬත් එක්ක තරුණයාගේ උරහිසට දැනුන ස්පර්ශය ⁣තරුණයාගෙ මූණට පොඩි හිනාවක් ගෙන්නුවා..

ජන්ග්කුක් තමන්ගෙ උරහිසට අත තියාගෙන හිටිය රුමීගෙ අත අල්ලගෙන නැගිට්ටෙ කෙල්ල දිහා බලාගෙන..එකට පටලවාගත්තු අත්වල වෙඳැඟිලි සරසපු මුදු දෙකට ඉර එළිය වැටිලා දිලිසුණා..ජන්ග්කුක් රුමීගෙ පිරුණු කම්මුලකට තොල් තිබ්බෙ ආදරෙන්..

රුමී හිනාවෙලා කෙල්ල අතේ තිබ්බ තව කපුරු මලක් ජන්ග්කුක්ගෙ අතට දුන්නා..

"ආධ්‍යාගෙ හැල්මොනිගෙ සොහොනටත් යමු ජන්ග්කුක්.."රුමී කියද්දි ජන්ග්කුක් කෙල්ලගෙ අතින් අල්ලගෙනම තව ටිකක් ඉස්සරහට ගියා..තවත් පොඩි සොහොනක් ළඟ නතර වුණ ඒ දෙන්නාම ඒ කපුරු මල සොහොන උඩින් තිබ්බා..

"මියන්හේ හැල්මොනි..මමයි ජිමිනුයි එදා තව විනාඩි පහක් කලින් ඒ දෙන්නා ගාවට ගියා නම්.."ජන්ග්කුක්ගෙ ඇස්වල කඳුළු පිරුණෙ නිරායාසයෙන්මයි..රුමී සීරුවෙන් ජන්ග්කුක්ගෙ කඳුළු පිහිදැම්මා..

"ඒක ඔයාගෙ වරදක් නෙමෙයි ජන්ග්කුක්.."ගෙවුණු කාලය ඇතුළත ජන්ග්කුක් තමන්ට වරද පටවගන්න හැම වෙලාවෙම රුමී කොල්ලාගෙ හිත හැදුවෙ එහෙම කියලා..ජන්ග්කුක් සුසුමක් හෙලලා කෙල්ල දිහා බැලුවා..

"අපි යමු.."කෙල්ල ජන්ග්කුක්ගෙ වැලමිට වටේ අත පටලවගෙන කොල්ලාගෙ උරහිසට වාරු වුණා..ආයෙත් එක පාරක් එක ළඟින් පිහිටලා තිබුණ සොහොන් කොත් දෙක දිහා බලපු ජන්ග්කුක් රුමී එක්ක ගේට්ටුවෙන් එළියට ආවෙ කෙල්ලගෙ අත අල්ලගෙන හිටිය ග්‍රහණය ලිහිල් නොකරමයි..

Broken Angel | Taehyung Centric | CompletedWhere stories live. Discover now