Taehyung's View
මගේ පපුවට බර වෙලා ආධ්‍යා නින්දක..මුළු රැයක්ම එකම ඉරියව්වෙන් හිටිය නිසා ආධ්‍යාව වැළඳගෙන හිටිය මගෙ අත හිරිවැටිලා තිබ්බත් මං පොඩි වෙනසක්වත් නොකළෙ ඒකෙන් ආධ්‍යාගෙ නින්දට බාධාවක් වෙයි කියලා හිතලා..සැරින් සැරේ හීනෙන් වගේ ආධ්‍යාගෙ ඇස්වලින් වැටුණු කඳුළු පිහිදදා මං මුළු රැයම පහන් කරේ නින්දක් නැතුව..මගෙ හිතේ ප්‍රශ්න දාහක් කැකෑරෙන්න ගත්තා..
ඇයි ආධ්‍යා ඒ විදිහට හැසිරුණේ?
මොකක්ද එයාට තියෙන ප්‍රශ්නෙ?
ඒ තරම් අඬන්න හේතුව මොකක්ද?
ඒ කිසිම දෙයක් අහන්න මට පුළුවන්කමක් තිබ්බෙ නෑ වගේම ඒ කිසිම දේකට උත්තර දෙන්න ආධ්‍යාට හරි සිහියක් තිබ්බෙත් නෑ..ඊයෙ මගෙ තුරුලෙම අඬලා මගෙ තුරුලෙම ආධ්‍යාට නින්ද ගිහින් තිබුණා..මට මේ හැම ප්‍රශන්යක් ගැනම දැනගන්න ඕනෙ වුණත් ඒකෙන් ආධ්‍යාගෙ හිතේ තියෙන ප්‍රශ්න ආයෙත් ගොඩ එන එකෙන් එයා අපහසුතාවයට පත් වෙයි..එයාව ඒ තරමටම අසරණ කරන්න ඕනෙ නෑ මට..
"ආදී..මැණික නැගිටින්නකො දැන්.."මං හිමින් කතා කරේ එයාට ඕනෙ නම් තව ටිකක් වෙලා මේ විදිහටම හිටපුදෙන් කියලා හිතාගෙන..ඒත් ආධ්‍යා එකපාරම ඇස් ඇරලා මං දිහා බැලුවා..
"ආ..ටේහියොන්..ඊයෙ..ඒක..මේ..මම...හීනයක්.."එයා කියන්න උත්සහා කරනවා ඇත්තෙ ඊයෙ සිද්ධ වුණ දේ ගැන වෙන්න ඇති..
"මැණික..මං ඒ ගැන ඔයාගෙන් ඇහුවෙ නෑනෙ..කලබල වෙන්න එපා..හරිද?ඒකට කමක් නෑ..ඒක හීනයක් වෙන්න ඇති.."මං එයාගෙ ඔළුව අතගගා කිව්වෙ ඒක එයාට පහසුවක් වෙයි කියලා හිතලා..
"හ්ම්ම්..ඒක හීනයක් ටේ..නරක හීනයක්.."ආධ්‍යා මිමිණුවා..මං ආධ්‍යාගෙ අතින් අල්ලගත්තා..
"ආදී..ගිහින් ලෑස්ති වෙන්නකෝ..අපි ගෙදර යමු.."
"දැන්ම යනවද?"එයා මගෙන් ඇහුවෙ ඇස් ලොකු කරගෙන..
"රෑ වෙන්න කලින් යන්න ඕනෙනෙ මැණික..අපි තව ටිකකින් යමු.."මං එයාගෙ ඔළුව අතගෑවා..
"ටේහියොන්..සෝහි ඔන්නි??"ආධ්‍යා ඇහුවා..
"අපි යන ගමන් නූනාව බලාගෙන යමුකො..හොඳද..යමු ලෑස්ති වෙන්න.."මං එයාගෙ අතින් අල්ලගෙනම නැගිට්ටා..
YOU ARE READING
Broken Angel | Taehyung Centric | Completed
Fanfiction~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්‍යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07...