Aadya's View
හුස්ම ගන්න අමාරු තරමටම මට මහන්සියි..මහන්සියටත් වඩා ඇඟේ අමාරුව..හිතට පොඩි සතුටක් දැනුනෙ අද නැන්දා ගෙදර එන්නෙ නෑ කියලා මතක් වුණ නිසා..කොහොමත් තව සති දෙකකට විතර එයා ඊයෙ අරගෙන ගිය සල්ලි ටික ඇති වෙයි..
පයින් යාගන්න නම් බැරි වෙයි වගේ..ලයිබ්‍රි එකෙත් වැඩ ටික ඉවර කරලා මම එළියට බැස්සෙ බස් එකක් හොයාගෙන..දැන් නම් රෑ හතට විතර ඇති..බස් එකක් එනකම් මං වාඩි වෙලා හිටියා..හෝල්ට් එකේ හිටියෙ මම විතරමයි..ටික වෙලාවකින් එතැනට සිගරට් එකක් බිබී ආවෙ පිරිමි කෙනෙක්..ඒ මනුස්සයාව නොදැක්කාවගේ ඉන්න හිටියත් මට එහෙම ඉන්න බැරි වුණේ එයා මට කතා කරපු නිසයි..
"ආ..චූටි දුව..කොහොමද ඉතිං?"මං ජීවිතේ වැඩිපුරම අප්‍රිය කරන කටහඬ..මගෙ කන ගාවින්ම ඇහෙද්දි මගෙ ඇඟම සීතල වෙලා ගියා..මම යන්තමට ඔළුව උස්සලා බැලුවා..ඒ මනුස්සයව දැක්ක ගමන් මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.
ඔව්..ඒ එයා...
මීට කාලෙකට කලින්...
මාව විනාස කරලා දාපු තිරිසනා..
මාව තලලා පොඩී කරලා දාපු..
මගේම..
මාමා...
මාමාව දැක්ක ගමන් මම නැගිට්ටෙ හීයක වේගෙන්..මට දැනුනෙ මගෙ හුස්ම හිර වෙනවා වගේ..වේගෙන් හුස්ම ගන්න ගමන් මම එතනින් දිව්වෙ මාමට නොපෙනේන..දුවාගන්න පණක් නොතිබුණත් මට එතන ඉන්න වුවමනාවක් තිබුනෙ නෑ..මගෙ ඔම්මාගෙ මල්ලි මාව විනාස කරා කියලා හැල්මොනි දැන ගත්ත වෙලාවෙමයි හැල්මොනි එයාව පොලිසියට භාර දුන්නෙ..ඊට පස්සෙ කිසිම දවසක මං එයාව දැක්කෙ නෑ..දැන් ආයෙමත් එයා ඇවිත්..මං මොකද කරන්නෙ?මට දැනුනෙ එයා පස්සෙන් එනවා වගේ මට තේරුණා..මං දිව්වා..පුළුවන් හයිය දාලා මම දිව්වා..
"ආධ්‍යා..."මට ඇහුණෙ ගැඹුුරු කටහඬක්..මං දන්නෙ නෑ..ඒ කටහඬේ පිරිලා තිබ්බෙ ආරක්ෂාවක්..ඒ එක්කම මම නැවතුණේ උණුසුම පිරුණ සිරුරක වැදිලා..
"ආධ්‍යා.."මං ඒ විදිහටම ඒ පපුවට මුවා වුණා..මට ඕනෙ වුණේ මේ වෙලාවෙදි මාමගෙන් හැංගෙන්න විතරයි..මං අත්දෙකෙන් මූණ වහගෙන මගේ ඉස්සරහා හිටිය කෙනාගෙ පපුවට හේත්තු වුණා..මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ..මාමා තරම් මං වෙන කිසිම දෙයකට බය නෑ..
YOU ARE READING
Broken Angel | Taehyung Centric | Completed
Fanfiction~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්‍යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07...