Aadya's View
හීනයක්ද?ඒ වෙලාවෙදි සිද්ධ වුණ හැමදෙයක්ම හීනයක්ද කියලා මට තවම හිතාගන්න බෑ..
ඒන්ජල්..
ටේහියොන් මට කිව්වෙ ඒන්ජල් කියලා..ඒත් ඇයි ඒ?මොකක්ද එයා එහෙම කියන්න හේතුව?ටේහියොන් බොහොම අමාරුවෙන් මං මේ පාලනය කරගෙන ඉන්න හිත කෙලින් තියාගන්න අමාරු කරනවා..ඈත් වෙන්න ඈත් වෙන්න තවත් ළං වෙනවා වගේ දැනෙන්නෙ ඇයි මට?
ටේහියොන් ඊයෙ කිව්වා මට කරදරයක් වෙනවා බලන් ඉන්න බෑ කියලා..ඇයි එයා ඒ තරමට මං ගැන හිතන්නෙ?සෙමී ඉන්නකොටත්..ඔයා මාව විහිළුවට ගන්නවද ටේහියොන්?ඔයා මොකක්ද මට කරන්න හදන්නෙ?
"මගෙ පැටියො..මොනාද කල්පනා කරන්නෙ?"හැල්මොනිගෙ ඔඩොක්කුව උඩින් ඔළුව තියාගෙන හිටිය මම නැගිට්ටෙ හැල්මොනිගෙ කටහඬට..මටත් නොදැනි කඳුළු බිඳු මගෙ මූණ පුරාම විසිරිලා..
"ඇයි පැටියො අඩන්නෙ?"හැල්මොනි ඇහුවා..මං අඬන්නෙ නැන්දා නිසාද..ටේහියොන් නිසාද..එහෙමත් නැත්නම් මං නිසාමද කියලා මං දන්නෙ නෑ..ඒත් මගේම කඳුළු වලින් මටම සෑහෙන්න රිදෙනවා..
"මං ඊයෙ නැන්දව දැක්කා හැල්මොනි.."නැන්දා ඊයෙ රෑ ක්ලබ් එකේ් හිටපු විදිහ..ඒ පිරිමියාගෙ ඇඟ උඩ නැගගෙන හැසිරුණ විදිහ මැවි මැවි පෙනෙද්දි මට දැනුනෙ මහා පිළිකුලක්..මං කියපු සේරම දේවල් අහගෙන හිටිය හැල්මොනිගෙත් ඇස්වල දුකක් දිලිසුණා..
"ඒ ගෑනිව වදපු මමත් පවුකාරියෙක් වගේ දරුවො..මොන අවලමේ ගියත් මට කමක් නෑ..ඒත් ඒ යක්ෂණි ඒ විදිහට නාස්ති කරන්නෙ උඹ රෑ දවල් මහන්සි වෙලා හම්බකරන සල්ලි නේද පුතේ?උඹට තිරිසනෙක් වගේ ගහලා සල්ලි උදුරගෙන යන්නෙ ඒ වගේ පවුකාරකමකටද දරුවො?"හැල්මොනි මාව බදාගෙන ඇඬුවා..මමත් හැල්මොනිගෙ උණුහුමට වෙලා ඇති පදමට ඇඬුවෙ වේදනාවෙන්..ඇත්ත..මාව මැරිලා වැටෙන තරමටම ගහලා හැමදාම අරගෙන යන සල්ලි නැන්දා හිත හදාගෙන මේ වගේ ජරා වැඩකට වියදම් කරන්නෙ කොහොමද?මම නොකා නොබී හම්බ කරන සල්ලි හැමදාම නැන්දට පිදුවෙ මේ වගේ නැති නාස්ති කරන්නද?
"ඒත්..ඇයි මගෙ රත්තරනේ ඒ වගේ අපායකට රස්සාවට ගියෙ මගෙ දරුවො?කොහොමද ඒ වගේ තැනකට යන්න හිත හදාගත්තෙ?"මෙච්චර කාලයක් හැල්මොනිට නොකියපු දේ මගෙ කටින්ම එලිවුණා..හැල්මොනි දැනන් හිටියෙ නෑ මං ක්ලබ් එකක වැඩ කරනවා කියලා..මං නොකිව්වෙ හැල්මොනි කලබල වෙයි කියලා හිතලයි..
YOU ARE READING
Broken Angel | Taehyung Centric | Completed
Fanfiction~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07...