Chapter 10

965 263 74
                                    

Aadya's View

නැන්දා කතා කරලා ගෙදර එන්න කියලා කිව්ව වෙලාවෙ මට දැනුනෙ මගෙ සර්වාංගෙම පණ නැති වෙලා ගියා වගේ..අදත්..මං කාට කියන්නද මේ දුක?කවදා වෙනකම් මේ වේදනාව විඳින්නද?මොන දෙවියද..මොන යක්ෂයාද මට මේ වගේ කරුමක්කාර ජීවිතයක් දුන්නෙ?

ටේහියොන්ට බොරු නොකියා ඇත්ත වසන් කරලයි මම එහෙන් ආවෙ..ගෙදර යන්න ඕනෙ කියලා මම ටේහියොන්ට කියද්දි හිත යටින් මං කිව්වෙ 'මාව බේරගන්න ටේහියොන්' කියලයි..වෙනසක් නෑ..අදත් වෙනදා වගේම නැන්දගෙ දඬු මුගුරු පහරට යටත් වෙන්න වෙනවා කියලා මම දන්නවා..එදා ක්ලබ් එකේදි නැන්දත් මාව දැක්කා..ඒත් එයාගෙ මූණෙ කිසිම බයවීමක් හරි වදවීමක් හරි තිබ්බෙ නෑ..එයා මට සමච්චල් විදිහට හිනාවුණා..

බයටම හදවත වේගෙන් ගැහෙද්දි මම ගේ ළඟට ගෑටුවා..ගේ ඇතුළට නොයා කොච්චර වෙලාවක් එළියට වෙලා හිටියද කියලා මං දන්නෙ නෑ..ඇතුළට යන්න වුවමනා වුණත් කකුල ඉස්සෙන්නෙ නැති ගානයි..මං අඩිය තියන්නෙ වංක ගිරියකට කියලා දැන දැනත්..මං යන්න ඕනෙමයි..

ගේ ඇතුලට වැටිලා තිබ්බ පොඩි ආලෝකයෙන් මම තේරුම්ගත්තා නැන්දා ඇවිත් කියලා..බය වැඩි වුණේ ඒ නිසාමයි..අඩවල් වෙලා තිබ්බ දොරින් ඇතුළට ගියෙ සැකෙන් වගේ..ගේ ඇතුළට යද්දි මම දැක්කෙ පුටුවක් උඩට වෙලා සිගරට් එකක් උර උර ඉන්න නැන්දව..

"ආ..තමුසෙ ආවද මගෙ චූටි කුමාරි?තමුසෙට ගෙදර ඉන්න බැරිද මම එද්දි?"නැන්දගෙ කටහඬ ඇහෙද්දි මාව වෙව්ලලා ගියා..'අනේ දෙයියනේ මගෙ ජීවිතේ බේරලා දෙන්න.'මං හිතුවෙ එහෙමයි..

"නැ..නැන්දෙ.."

"නැන්දා තමයි යකෝ..උඹ වගේ අවජාතක බැල්ලියෙක්ට කන්න බොන්න දීලා හදාගත්තු නැන්දා තමයි මම.."නැන්දා නැගිට්ටෙ කෑ ගහගෙන..අඩියක් පස්සට තියන්නත් කලින් නැන්දා මගෙ කොණ්ඩෙන් අල්ලගත්තෙ මාව කෑ ගස්සවලා..

"නැන්ද‌ෙ..මාව අතඅරින්න..මට රිදෙනවා.."ඇස්වලින් කඳුළු ගලද්දි මම ඇයදුවා..නැන්දා කළේ වියරු වැටිලා වගේ හිනාවුණ එක..

"අතඅරින්න කලින් මට සල්ලි දීපන් බැල්ලියේ.."

"නැන්දේ..ඇයි..ඔයා සල්ලි නාස්ති කරන්නෙ?ආ..අපි සල්ලි හම්බ කරන්නෙ අමාරුවෙන් නැන්දේ.."

Broken Angel | Taehyung Centric | CompletedWhere stories live. Discover now