Chapter 22

974 239 113
                                    

Third Person View

පාර අයිනෙ වැටිලා හිටිය ටේහියොන් නැගිට්ටෙ පැත්තකින් ලේ ගලන නළලටත් අත තියාගෙන..මොකක් වුණාද කියලා කොල්ලට හිතාගන්න බෑ..ඒ අතරෙ කොල්ලා දැක්කෙ..

පාර මැද්දට වෙන්න වැටිලා හිටිය ජන්ග්කුක්ව..

ඔව්..ඒ වෙලාවෙ ජන්ග්කුක් තමන්ට කරන්න තිබුණ ඒ කැපකිරීමත් කරා..ටේහියොන්ව වාහනේට හැප්පෙන්න තිබුණත් ජන්ග්කුක් ඊට කලින් ඉස්සර වුණා..කොල්ලා උපරිම හයිය දාලා ටේහියොන්ව පැතත්කට තල්ලු කරත් ජන්ග්කුක්ට බැරි වුණා අයිනට පැනගන්න..ඒ නිසා වේගෙන් ආපු වාහනේට හැප්පුණ කොල්ලට පාර මැදට විසිවුණා..

ටේහියොන්ට දැනුනෙ ඇඟම පණ නැති වෙලා ගියා වගේ..ඇඟට කොයි තරම් අප්‍රණික බවක් දැනුනත් ටේහියොන් නැගිටලා ජන්ග්කුක් ගාවට දිව්වෙ ‌අනිත් කාටත් කලින්..කියාගන්න බැරි රිදුමක් පපුව අස්සෙන මතු වෙද්දි ටේහියොන් ජන්ග්කුක් ගාව දණ ගහගත්තා..කොල්ලා හිටියෙ ලේ විලකට මැදිවෙලා..ටේහියොන් ජන්ග්කුක්ගෙ ඔළුව ඔඩොක්කුව උඩින් තියාගත්තෙ බොහොම පරිස්සමට..ජන්ග්කුක්ගෙ ඔළුව පැලිලා ආපු රතු පාට උණු ලේ ටේහියොන්වත් තෙමලා දැම්මා..

"ජ..ජන්ග්කුක්.."ටේහියොන්ගෙ වෙව්ලන කටහඬ ඇහෙද්දි ජන්ග්කුක් යන්තමට වගේ ඇස් දෙක ඇරියා..අනිත් අයත් එතැනට වටවුණේ කෑ ගහගෙනමයි..රුමී ජන්ග්කුක්ගෙ අතින් අල්ලගත්තෙ අඬන ගමන්..

"ජන්ග්කුක්..මං දිහා බලන්න.."රුමී කිව්වට ජන්ග්කුක්ට රුමී දිහා බලන්න හැරෙන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ..ආධ්‍යාත් ජන්ග්කුක් ගාවින් දණ ගහගත්තට කොල්ලගෙ ඇස් කෙලින්ම යොමු වෙලා තිබ්බෙ ටේහියොන් දිහාට..

"හි..හියො..න්.."ජන්ග්කුක් ඉතුරු වෙලා තිබ්බ අන්තිම ශක්තියෙන් කතා කළා..ටේහියොන්ට ජීවිතේ පළවෙනිම පාරට දැනුනා..මේ තමන්ගෙ අත්දෙක උඩ ලේ පෙරාගෙන ඉන්නෙ කොල්ලාගෙ මල්ලි කියන එක..

"ජ..ජන්ග්කුක්..ඉ..ඉන්න..උඹට මුකුත් වෙන්නෙ නෑ..ආ..මේ හියොන් ඉන්නවා.."ටේහියොන් කිව්වෙ ජන්ග්කුක්ගෙ ඔළුව අතගෑවා..ටේහියොන්ගෙ ඇඟිලි ලේ නිසා එකට ඇලුණ තමන්ගෙ කොණ්ඩෙ අස්සෙන් යද්දි ජන්ග්කුක්ගෙ මූණෙ මැවුණෙ වේදනාකාරී අහිංසක හිනාවක්..

Broken Angel | Taehyung Centric | CompletedWhere stories live. Discover now