Jungkook's View
මම නැගිට්ටෙ ඔළුව පැලෙන්න තරම් කැක්කුම දෙද්දි..අත් දෙකෙන්ම ඔළුව අල්ලගෙන ඇඟ කෙලින් කර ගත්තෙ මාව කැරකෙනවා වගේ දැනුන නිසා..ඇඳ උඩ වාඩි වුණ මම නළලට අතත් තියාගෙන කල්පනා කරේ මට මොකක්ද වුණේ කියලා..දහයක් පහලවක් එකතු වෙලා ගැහුවා වගේ ඇඟට අමාරුයි..මම ඉන්නෙ ගෙදර වගේ..ඒත් මම කොහොමද ගෙදර ආවෙ?අන්තිමට මතක මං බාර් එකට ගිහින් සිහි නැති වෙනකම් බිව්වා කියලා විතරයි..මට මාවම පාලනය කරගන්න බැරි වුණා..හිතේ් දුකයි..තරහයි සේරම අල්ලලා තිබ්බ ආවේගයට මං හොඳටම බිව්වා..
"පුරුදු නැති දේවල් නොකර ඉන්න එක නේද හොඳ?"මං පිටිපස්ස හැරුණෙ ඒ කටහඬට..රුමී????
"රුමී?ඔයා???"රුමී මං ගාවින් ඇවිත් වාඩි වෙලා මං දිහා බලන් හිටියා..එයාගෙ මූණෙ තරහක් තිබුණෙ නෑ..තිබ්බෙ..දුකක්??අනුකම්පාවක්??
"හ්ම්ම්..මමයි ඔයාව එක්කගෙන ආවෙ ඊයෙ රෑ..ආවට පස්සෙ ඔයාගෙ ඔම්මා මට ගෙදර යන්න දුන්නෙ නෑ..ඒ නිසා මෙහෙයි හිටියෙ.."
"ඔයා මෙහෙ හිටියා?ඒත්..එතකොට ඔයාද ඊයෙ රෑ මාව එක්කගෙන ආවෙ?මට මොකද වුණේ?"මං අහනවත් එක්කම රුමී මගෙ උරහිස් වටේට අත් යවලා මාව බදාගත්තා..එයා අඬනවා..මගෙ පිට දිගේ බේරෙන කඳුළු මට තේරෙනවා..
"රුමී..මැණික..ඇයි මේ අඬන්නෙ?ආ..මට කියන්නකෝ..කෝ මං දිහා බලන්න.."මං එයාගෙ මූණ බලන්න හැදුවත් එයා පොඩ්ඩන්වත් එයාගෙ ග්‍රහණය ලිහිල් කරේ නෑ..
"මෝඩයා..තනියම අඬන්න තරම් ආත්මාර්ථකාමී වුණේ කොහොමද ඔයා??යාළුවෙක් විදිහටත් මං ඔයා එක්ක හිටියා..ඒත්..ඔයා මටවත් ඒ කිසිම දෙයක් ගැන කිව්වෙ නෑ ජන්ග්කුක්..."රුමී ඇඬුවෙ එහෙම කියලා..
"රුමී..ඔයා මොනවද මේ කියන්නෙ?"
"ඔයා අසිහියෙන් ඉන්නවා නම් මං කැමතියි..මොකද එතකොටවත් ඔයා මට ඇත්ත කියනවා.."
"මැණික..."
"ඇයි මට මෙච්චර කාලයක් කිව්වෙ නැත්තෙ ආධ්‍යා ඔයාගෙ නංගි කියලා??"රුමී අහපු ප්‍රශ්නෙත් එක්ක මාව නිරුත්තර වුණා..එයා..කොහොමද ඒ ගැන දැන ගත්තෙ?
"රුමී?ඔයා කොහොමද.."රුමී එයාගෙ අතින් මගෙ කටවැහුවා..ඇස්වල කඳුළු බෝල පුරවගෙන එයා බලන් හිටියෙ මං දිහා..
YOU ARE READING
Broken Angel | Taehyung Centric | Completed
Fanfiction~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්‍යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07...