Third Person View
යුනි එකේ මහා විසාලෙට අතුපතර විහිදගත්ත ගහක් යටට වෙලා ආධ්‍යා දිග සුසුමක් හෙලුවා..ටේහියොන්ගෙ හැසිරීම දරාගන්න කෙල්ලට අමාරුයි..ඊයෙ රෑ ටේහියොන් ආධ්‍යාගෙ අත් අතරට වෙලා ඇඬුවෙ පොඩි ළමයෙක් වගේ..කිම් ටේහියොන් පිටතින් පේන කෙනා නෙමෙයි කියන එක නම් ආධ්‍යා හොඳටම තේරුම් ගත්තා..හැම මනුස්සයෙක්ගෙම ඇතුළාන්තය වෙනස්..පිටත පේන පෞරුෂය නෙමෙයි ඇතුලින් තියෙන්නෙ..පිටට ශක්තිමත් ඇති..ඒත්..ඇතුලින් ගොඩක් දුර්වල වෙන්න පුළුවන්..
ආධ්‍යාට ටේහියොන් ළං වෙන හැම වෙලාවකම දැනෙන්නෙ ආරක්ෂාවක්..එකපාරක් පිරිමියෙක් නිසාම ජීවිතේ විනාස වෙච්ච කෙල්ලෙක්ට හැම පිරිමියාම සැකයි..හැම පිරිමියෙක්ටම බයයි..හැම පිරිමියෙක්ම පිළිලයක් ගානයි..ආධ්‍යා යුනි එකේ හිටියෙ ජන්ග්කුක් එක්ක..ජන්ග්කුක් හැර අනිත් හැම කොල්ලෙක්වම ආධ්‍යාට අවිශ්වාසයි..ඒත්..පුදුමෙකට වගේ..ටේහියොන් ගැන ආධ්‍යාට ඒ ආකාර බය මුසු හැඟීමක් දැනිලා නෑ..
ඒත් ආධ්‍යා තමන්ටම තරවටු කරගත්තා..කෙල්ලගෙ හිත ටේහියොන්ව විශ්වාස කරන්න හදන හැමවෙලාවෙම කෙල්ල පුරුදු වෙලා හිටියෙ 'ටේහියොන් පිරිමියෙක්..එයා වගේ සල්ලි තියෙන කොල්ලො ආදරේ ගැන දන්නෙ නෑ..එයාත් ඔයාගෙ මාමා වගේ වුණොත් ඔයාට දරාගන්න බැරි වෙයි' කියලා කෙල්ලටම කියාගන්න..ඒ නිසාම කෙල්ල හැමවෙලාවෙම උත්සහ කරේ ටේහියොන්ව මග අරින්න..කෙල්ල හිතුවෙම තමන්ගෙ හැඟීම් විහිළුවක් කියලා..එක අතකට කෙල්ල සාධාරණයි..කාලෙක ඉඳන් දන්නවා වුණත් පලවෙනි පාරට කතාකරලත් තවම සතියක්වත් නෑ..ළඟින් ඇසුරු කරන්න අරගෙන තවම දවස් දෙකක් වගේ..ඉතිං කොහොමද මේ වගේ විශේෂ හැඟීමක් දැනෙන්නෙ?
හැබැයි කෙල්ලට ඒ වෙලාවෙදි තේරුණේ නෑ..රිදුණ තැවුණ හිත් සුවපත් කරන ආදරේ පුදුමාකාරයි කියලා..
ආධ්‍යාගෙ ඇඟ පුරා තිබුණ අලුත් වුණ තුවාල පාරවල් දැන් ටිකක් හොඳයි..අන්තිමට නැන්දා ගෙදර ඇවිල්ලත් ටික දවසක් වෙනවා.."නැන්දා නෑවිත් ඉන්න තරමට හොඳයි.."කෙල්ලට එහෙම හිතුණ වාර අනන්තවත් ඇති..නැන්දාව මුණ ගැහෙන හැම පාරකම කෙල්ලගෙ ඇත්දළපාට හම දම්පාට වෙනවා..වෙන කෙල්ලො ප්‍රාර්ථනා කරන ආදරණීය ස්පර්ශයන් නිසා නෙමෙයි..දරා ගන්න බැරි අතුල් පාරවල් හමුවේ..තනි අසරණ කෙල්ලෙක් මොනවා කරන්නද?ඇල්කොහොල් වලින් මත් වුණ හිතක් පපුවක් නැති ගෑනියෙක් එක්ක කොහොම කියලා කෙල්ල හැප්පෙන්නද?ආධ්‍යා හැමදාම කරේ දරා ගත්ත එක..මුහුණ දුන්න එක..ඒත් කිසිම දවසක කෙල්ල විරුද්ධ වෙලා නෑ..කෙල්ල හිතුවා..තමන් වගේ පවුකාර කෙල්ලෙක්ව හදාගත්ත නැන්දට ඒ අයිතිය තියෙනවා කියලා..උපන්දා ඉඳන් දුකට හුරුවෙච්ච කෙල්ලෙක් ආධ්‍යා..ඒ කෙල්ලට මනුස්සකම දායාද කළේ කෙල්ලගෙ හැල්මොනි..ඔම්මාගෙන් ආපු හොඳත් කෙල්ලට ඇති..කොටින්ම කිව්වොත් ආධ්‍යා දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්..
YOU ARE READING
Broken Angel | Taehyung Centric | Completed
Fanfiction~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්‍යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07...