Taehyung's View
තමන් ආදරේ කරන දේවල් තමන්ට නැති වෙයි කියලා හිතද්දි දැනෙන බය දැනෙන්නෙ කොයි විදිහටද?මට නම් ඒක දැනෙන්නෙ පපුව උඩට ලොකු කළු ගලක් අතඅරිනවා වගේ..එක පාරක් මට මගෙ ඔම්මව නැති වුණා..අප්පගෙ ආදරේ නැති වුණා..හියොන්ලා මගෙන් ඈත් වුණා..මම තනිවුණා..
දැන්..
මං ආධ්‍යාට ආදරෙයි..
ඒක ඇත්ත..ආදරයයි ආකර්ෂණයයි මැද්දෙ හිරවෙලා හිටිය මට දැන් තේරෙනවා..ඒක ආදරයක්ම තමයි..අංශු මාත්‍රයකවත් සැකයක් නෑ..කැමතියි නම් ලබාගන්නවා ආදරෙයි නම් රැක ගන්නවා කියන දේ මට දැනෙනවා..ආධ්‍යාව ලබාගන්නටවත් වඩා මට වුවමනා කරන්නෙ එයාව ආරක්ෂා කරන්න..
මගෙ ඒන්ජල්..
ඔයා කොහෙන්ද ආවෙ මැණික?ඔයාව දකින වාරයක් ගානෙම හිත පිරිලා යනවා මගෙ..ඔයාගෙ කඳුළු දකිද්දි දැනෙන වේදනාව කියාගන්න වචන නෑ මට..මීට කලින් කවදාවත් මට කිසිම කෙල්ලෙක් ගැන මෙහෙම දැනිලා නෑ..ඒ ඔයයි..ඔයාම විතරයි මගෙ ඒන්ජල්..
මං ආදරෙයි...
ඒත්..ඔයාගෙ ළඟින් ඉන්න හදන හැම වෙලාවකම ඇයි මාව ඈත් කරන්නෙ ඔයා?තවමත්..මම වැරදිකාරයෙක්ද ආදී???මට කියන්න..මොකක්ද මගෙ වැරැද්ද?අප්පගෙ පුතා වුණ එකද?පෝසත් පවුලක ඉපදුණ එකද?
ඔයා මට උත්තර දෙන්නෙ නෑ ආදී..ඒ වෙනුවට ඔයා තවත් මගෙන් ඈත් වෙන එකයි වෙන්නෙ..බිඳක්වත් ආදරේ නැද්ද මට? මගෙන් ඈත් වෙන්න එපා..චේබල්..ඔයාවත් නැතිවෙයි කියලා දැනෙන බය හැමවෙල්ම මට දැනෙනවා..ඒක එහෙම වෙන්න දෙන්න එපා ඒන්ජල්..මට මොනා වෙයිද දන්නෙ නෑ...
"ටේහියොන්..මම කොලේජ් යනවා..."ආධ්‍යා උදේම මං ගාවට ඇවිත් කිව්වා..සතියකට පස්සෙ ආධ්‍යා කොලේජ් යන්න හදනවා..
"ඔයාට දැන් හොඳයිද?"මං ඇහුවා..
"හොඳටම හොඳයි ටේහියොන්..කුමාවෝ..මෙච්චර දවසක් මාව බලාගත්තට.."ආධ්‍යා කිව්වෙ හිනාවෙලා..
"යන්නම ඕනෙද ඔයාට?"තවමත් මං ලෑස්ති නෑ ආධ්‍යාව කොලේජ් යවන්න..තවමත් මගෙ හිතට දැනෙන්නෙ නෑ ආධ්‍යාට සනීපයි කියලා..
"ටේහියොන්..අද වැකේෂන් පටන් ගන්නවා..ඒ නිසා යන්න ඕනෙ.."
"ඒත්..."
YOU ARE READING
Broken Angel | Taehyung Centric | Completed
Fanfiction~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්‍යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07...