@tae room 🏚️
Tae ÷ මේ ජිමිනෝ පොඩ්ඩක් මේක අල්ල ගන්නවාකෝ.. මම යතුර චන් අංකල්ට දීලා එන්නම්..
කියලා මම මගේ room එකට ඉස්සරහින් තිබුණු පටු පාර දිගේ මම වැඩ කරපු ෂොප් එකට ආවා මම යද්දිත් චන් අංකල් පොත් වගයක් අඩුක් කරනවා...
Tae ÷ excuseme චන් අංකල්.
( 🧔මෙන්න මෙයා තමා චන් අංකල් )
🧔 ÷ ආ.... මේ තේ ලමයා නේ.... ඔව් කියන්න පුතා
Tae ÷ අංකල් මම මේ හොස්ටල් එකට යන්න කියලා.... ( මම හිතුවෙ ඒක කිව්වම චන් අංකල් පොඩ්ඩක් අමනාප වෙයි කියලා ඒත් උනේ මම හිතුවේ නැති දෙයක් )
🧔÷ ආ... ඒක හොඳයි නේ ඔය ළමයට යාළුවා එක්ක ඉද්දි තනිත් නැහැනේ.....
එහෙම කියලා චන් අංකල් එයාගෙ පර්ස් එක අරන් සල්ලි වගයක් බලෙන්ම වගේ මගෙ ෂර්ට් එකේ සාක්කුවට දැම්මා මම උන දේ නිසා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ මීට සති දෙකකට කලින් මට ලැබෙන්න ඕනෙ පඩිය චන් අංකල් දීලා තිබුණු නිසයි.... මගේ ඔලුවත් අත ගාලා අංකල් මට කිව්වා
🧔÷ ආ... ඔතන පොඩි ගාණක් ඇති ඒක වියදමට තියා ගන්න.. 😊
Tea pov ÷
මම අංකල්ට මගේ boxsy smile එක දාලා එයාව hug කරලා එලියට එද්දි... පව් තාරා පැටියා එක bag එකක් කරේ දාගෙන අනික උඩ ඉඳගෙන හිටියා.. ජිමිනා ව පොඩ්ඩක් අවුස්සන්න හිතාගෙන ජිමිනා ඉඳගෙන හිටපු bag එක ඇඳලා ගත්තා bag එක ගත්ත සැනින් මෙන්න මේකා බිමට පත බෑවූනා...