THREE YEARS AGO ✨අවුරුදු තුනක් හරි ලස්සනට ගලාගෙන ගියා. හොබි, ජැක්සන් මැරි කරලා අවුරුදු දෙකකට පස්සෙ ලස්සන චුටි දූ පොඩිත්තක ගෙ අප්පා පපා වුණා.
හැබැයි චූටි කයිරා නම් ඉන්නේම තේතෙ සම්චොන් එක්ක. දෙන්නව එකට තිබ්බම කිසි වෙනසක් නැහැ. තේත් තනිකර පොඩි ලමයෙක් වගේ හැසිරෙන්නේ. ජන්කුක් ලට කලින් ජිමින්ට මැරි කරන්න ඕනේ කිව්වා වගේම ජන්කුක් ලට කලින් ජිමින්, යුන්ගි දෙන්නා හැමෝගෙම ආශිර්වාදය මැද්දේ මීට අවුරුද්දකට කලින් අතිනත ගත්තා. ජින්, ජුන් දෙන්නත් ජන්කුක් ලගේ ඔම්මා, අප්පා වගේ එයාලගෙ හැම ප්‍රශ්නෙකදි වගේම සතුටෙදිත් එයාලගෙ ලඟින් ම හිටියා. ජින් ට දරුවෙක් හදන්න ලොකු ආසාවක් තිබුණත් එයා බාරගෙන තියෙන contract ටික complete වෙනකන් දරුවෙක් හදන ආසාව යටපත් කරන් හිටියා. ජිනුත් තේ වගේම කයිරා එක්ක ගොඩක් එකතුයි. යුන්ගි ලගේ පවුල් ජීවිතය ගැන කතා කළොත් පුංචි පුංචි රණ්ඩු මැද්දේ මහා ගොඩක් ආදරේ ඒ දෙන්නා බෙදා ගත්තා. ලීසාට වගේම බෝගම්ටත් නීතියෙන් ලැබෙන්න ඕනෙ දඬුවම් ලැබුණා. ජන්කුක්ගෙයි තේගෙයි ආදර කතාව හරි වෙනස් එකක් වුණා. ඒ දෙන්නා මේ ගෙවුන කාලේ හරි ලස්සනට ගත කලා. ආදරේ අඩු නැති උණුසුම් රාත්‍රීන්, පොඩි පොඩි රණ්ඩු, තේ ගෙ මුරණ්ඩු හුරතල් වැඩ, වලින් ඒ දෙන්නගෙ ආදරේ හරි ලස්සන වුණා..
අද ගොඩක් විශේෂ දවසක්...
ම්ම් විශේෂ දේවල් දෙකයි. එකක් අද තේ ගෙ උපන්දිනේ එතකොට දෙවනි එක අද තේගෙයි, ජිමින්ගෙයි graduation එක. ගෙදර එකම යුද්ධයක් වගේ. ජන්කුක් කෑ ගහනවා තේ ට හොඳ මාර්ක් එකක් තිබ්බෙ නැත්තන් බලාගමු කියලා. ඒ අස්සෙන් ජිමින් යුන්ගි ව නැගිට්ටවන්න කෑ ගහනවා.