at Numjin house 🏤Joon ÷ බබා ඔයාට අද ශූටින් නැද්ද¿¿
නම්ජුන් ජින් ගාවට ඇවිත් කම්මුලට කිස් එකක් දෙන ගමන් ඇහුවා.Jin ÷ නෑ ජූන්... අද නෑ...
Joon ÷ ඔයා තනියෙන්නේ බබා.. මන් අද යන්න ඕනේ.. හොබීටවත් එන්න කියන්නද...
Jin ÷ හොබී යනවා කිව්වා... එයාගේ වෙඩින් ඩ්‍රස් බලන්න. පොඩි දෙන්නත් එක්ක.. මන් කිව්වා මත් එන්නම් කියලා.. ඔයාට පුලුවන් නේ මාව ජන්කුක්ගේ ගෙදරින් දාගෙන යන්න...
Joon ÷ ok bbh , මට නම් සතුටුයි ඒ දෙන්නා ගැන.
Jin ÷ මටත් ජූන්.. ඒ දෙන්නාගේ වෙඩින් එක අපි පුලුවන් තරම් හොදට කරලා දෙමු.
ජින් ඇස්දෙකේ කදුලු පුරවගෙන, ඒ එයාගේ සතුටු කදුලු. එයාගේ හොදම යාලුවාගේ ජීවිතේ සතුටු දවස වෙනුවෙන් වැටෙන කදුලු. එයාගේ දුකේදි සැපේදී එක වගේම හිනා වෙලා ළගින් ඉන්න යාලුවා ජීවිතේ ඉදිරියට යද්දි ඒ ගැන හිතලා සතුටු වෙන යාලුවෙක් ඒ බැදීමට වචන නැති තරම්...
Joon ÷ අයියෝ බබා කෝ අඩන්න නම් එපා ඔයා සතුටටත් අඩනවනේ..කෝ එන්න යන් යන්... මට පරක්කු වෙනවා