AT CHOI HOUSE =ජන්කුක් ඔෆිස් එකේ හැමෝම ඉස්සරහා මිස්ට චෝයි ව ලැජ්ජ කරපු නිසා චෝයි හිටියේ එයාගෙ ඉස්සරහට එන ඕනේ එකෙක්ට මැරිලා වැටෙන්න ගහන්න පුළුවන් තත්වෙක. ගෙදරට ආපු චෝයි සාලේ තිබ්බ හැම මල් වාස් එකක්ම පොලවේ ගැහුවේ... තමන්ට දන්න දරුණුම වචන වලින් ජන්කුක් ට බනින ගමන්.... ගෙදර වැඩ කරන සේවකයන්ට මේක අලුත් දෙයක් නොවුනට.. චෝයි කුඩු කරන කුඩු කරන බඩුවක කෑල්ලක් ගානේ එයාලා අස් කරන්න ඕනේ කියන එක මතක් වුණාම මේ ගෙදර වැඩට ආපු එකත් මහා කරුමයක් කියලා හිතුනා.. චෝයි ගේ මේ ආවේගකාරී හැසිරීම දිහා තවත් බලන් ඉන්න බැරිම තැන බෝගම් චෝයි ළඟට ගිහින් තද කරලා අල්ල ගත්තා....
Bogum ÷ අප්පා දැන් හොඳටම ඇති.... මොකද මේ වෙලා තියෙන්නේ ඌ ගැන තියෙන කේන්තිය ට මේ ගෙදර තියෙන බඩු පලි ද???
බෝගම් ව ඇදලා අරන් තමන්ගේ පැත්තට හරව ගත්ත චෝයි බෝගම් ගේ කන රත් වෙන්න පාරක් ගැහුවේ. බෝගම් ව පුදුමය ට පත් කරලා...
Bogum ÷ අප්පා??? 😩
Choi ÷ වහපිය කට තව එක වචනයක් හරි කිව්වොත්......... 😑😡😤.... උඹ නිසා තමා මේ හැමදේම... උබේ මෝඩ කම් නිසා තමා.. ඩීල් එක නැති වුණේ...කොච්චර කට්ටක් කෑවද ආයේ චාන්ස් එකක් ගන්න.. තමුසෙට ඒ කොල්ල ව ඕනේ නම් පාඩුවේ ඒවා කර ගන්න... උගේ තැනට ගිහින් පිස්සු කෙලින්නේ නැතුව... දැක්ක ද තමුසෙ ඒ හු&#*@-(* මට ලැජ්ජා කරපු විඳිය.....
Bogum ÷ සමාවෙන්න අප්පා.... මට ඒ කොල්ල ව දැක්කම නිකන් පිස්සු වගේ මට මාවම පාලනය කර ගන්න බැහැ... අනේ මට සමාවෙන්න අප්පා.....