Jk ÷ අනේ බෙයාර්............ මොකද වුණේ........................ අනේ මැණික..ඉස්සරහට ඇවිදගෙන යන කට්ටිය එක පාරට පිටි පස්ස හැරිලා බැලුවේ මොකද ජන්කුක් කෑ ගහන්නේ බලන්න. එතකොට තමා දැක්කේ පොටෝ එකකුත් බදාගෙන සිහිය නැතුව බිම වැටිලා ඉන්න තේව ජන්කුක් තේව එයාගෙ ඔඩොක්කුවට අරන් තේගෙ මූණ හොලව හොලව නැගිටින්න කියනවා.
Jimin ÷ මොකද වුණේ ඒක පාරට තේ උදේට කෑවත් එක්කනෙ..
Jk ÷ අනේ ජින් හියුන් මොනා හරි කරන්නකෝ...
Jin ÷ ජන්කුක් ඉක්මනට තේව අරගෙන එන්න....
ජන්කුක් තේව උස්ස ගද්දි තේ අත් අතර පපුවට කරලා තුරුළු කරන් හිටපු පොටෝ එක ජිමින් ගත්තා. ජන්කුක් තේව අරන් රූම් එකකට ගිහින් තේව ඇද උඩින් තිබ්බා.. ජුන් ගෙදර වැඩට ඉන්න කෙනෙක්ට කියලා ළඟම ඉන්න ඩොක්ටර් කෙනෙක් ගෙන්නුවා. ඩොක්ටර් කට්ටියව රූම් එකෙන් එලියට යවලා තේව චෙක් කරන්න ගත්තා..Jimin ÷ ජුන් හියුන් තේ මේ පොටෝ එක තුරුල් කරන් හිටියේ... කවුද මේ... ජිමින් එයාගෙ අතේ තිබ්බ පොටෝ එක හැමොටම පේන විඳියට පෙන්නලා ඇහුවා...
Joon ÷ ඒ මගේ බාප්පා.... ඒත් මම එයාව දැකලා නැහැ. මොකද මන් ඉපදෙන්න ඉද්දි තමා එයා ගෙදරින් ගිහින් තියෙන්නේ.. බාප්පා ආදරේ කරලා තියෙන්නේ දුප්පත් පවුලක ගෑනු ළමයෙක්ට. ඉතින් අපේ අප්පගෙ පවුලේ අය කව්රුත් ඒ සම්බන්ධෙට කැමති වෙලා නැහැ. ඉතින් බාප්පා අර ගෑනු ළමයා එක්ක පැනලා ගිහින්...... අද වනතුරු අපි කව්රුත් දන්නේ නැහැ බාප්පා ජීවත් වෙනවද එයාට දරුවෝ ඉන්නවද නැද්ද කියලවත්....
ජුන් පහත් හඬකින් ඒ ටික කියලා ඉවර වෙද්දිම තේගෙ රූම් එකේ ඉඳන් ඩොක්ටර් ආවා..