එළි වෙනකම් ඇහැරන් ඉදගෙන ටීවී සීරීස් එකේ සීසන් දෙකක්ම බලලා ඉවර කරනකොට පාන්දර 2 ත් පහුවෙලා මන් හිතන්නේ. දැන් වෙලාව දවල් 12 ටත් කිට්ටුයි වගේ . කොට්ටේ යට තිබුණ ෆෝන් එක අරන් වෙලාව බැලුවා.
වෙලාව 1:10 යි .. උදේ වරුවම ඉවරයි..මහ රෑ වෙනකම් ඇහැරන් ඉන්න නිසාමද කොහෙද ඇහැරුණු වෙලේ ඉදන් ඔලුව දැනුනෙ බර ගතියට .. ම්ම් ඇඳන් හිටපු ෂෝටත් ටෙන්ට් ගහලා තිබුණේ පුංචි මල්ලියත් පරක්කුවෙලා මාත් එක්කම නැගිටලා තිබ්බ නිසා. ආදරේට පුංචි මල්ලියා කිව්වට මල්ලි පුංචි නැහ්.. ඇඳෙන් නැගිටලා යන්න කම්මැලිකමකුත් තිබ්බ නිසා ඒ අවස්ථාවෙන් ප්රයෝජනයක් ගන්න හිතාගෙන මම හීන් සීරුවෙ යන්න හැදුවෙ porn site එකකට. ෆෝන් එක අන්ලොක් කරා විතරයි මිස් කෝල් නොටිෆිකේශන් ටික එළියට පැන්නෙ ෆීලීන්ස් ඔක්කොම දිය කරලා දාන ගමන්.
අම්මගෙන් මිස් කෝල්ස් 8 යි. මොනාහරි හදිස්සියක්වත්ද දන්නෑ කියලා මම කෝල් එකක් ගත්තා. රින්ග් වෙන්න වැඩිවෙලාවක් යන්න කලින් එහාපැත්තෙන් අම්මගෙ කටහඩ ඇහුණා..
"මොනාද දරුවෝ කෝල් එකක්වත් ආන්ස්වර් කරන්නෑ..ඔය ෆෝන් තිබුණට වැඩිය හොඳයි නොතිබ්බනම්..හදිසියකට කතා කළත් ඔච්චර තමයි .."
"හරි හරි අම්මා .. මොකටද කතා කරේ.."
"ආ.. කතා කරේනම් මේ පොඩි පණිවිඩයක් කියන්න .. පුතාට මතකද අර තාත්තගෙ යාලුවෙක් හිටියෙ ලක්සිරි කියාලා.."
"ඔව් ඔව්.."
"අන්න එයාට ලොකු පුතෙක් ඉන්නවනෙ..ඒලෙවල් කරන්නෙ.. ඒ ළමයා අකුරැස්ස පැත්තෙ..ක්ලාස් එන්නෙ ගාල්ලෙ ටවුන් එකේ.. ඒ ළ්මයට බෝඩ් වෙන්න තැනක් නෑ කිව්වා. ඉතින් තාත්ති කිව්වා අපෙ ගෙදර ඇවිත් ඉන්න කියලා. අපේ ගෙදර ඉන්න ඉඩ නෑනෙ පුතේ අක්කලාගෙ ළමයි දෙන්නත් ඉන්නවනෙ.."
"ඉතින්.."
"ඉතින්..අපි හිතුවෙ එයාව ඔයාගෙ ගෙදර එවන්න.. අනික ඔච්චර ලොකු ගෙදරක පුතා කෝමත් තනියම නෙ ඉන්නෙ .. පාලුවටත් එක්ක හොදයි නෙ.."
"අයියෝ අම්මා ඔයාලා සෙට් කරොත් මොනාහරි පරිප්පුවක් තමයි .. දැන් ඉතින් ඌවත් බලාගනිම්කො.."
YOU ARE READING
ස්වයංවින්දන | Suffering Alone
Romanceස්වයංවින්දන යනු නූතන gay Love story එකක්. අනුරාග් සහ සෙහස් අතර ඇතිවන ශක්තිමත් ආදරණීය බැඳීමක් කතාව තුළින් අරගෙන එනවා. විශේෂත්වය තමයි අනුරාග් bisexual කොල්ලෙක් වීමත් සෙහස් gay උනත් versatile top කොල්ලෙක් වීමයි. ඉතින් රසවිඳින්න ආරාධනා කරනවා..😍❤🖤