හත්වන වින්දනය

2.9K 291 27
                                    

දුවන්න කියලා උස්සපු කකුල ආයෙ බිමින් තිව්වෙ ටවල් එක කඩන් වැටුණට පස්සෙ දැකපු ඒ මම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ දර්ෂනේ නිසා. මේ දැන් නාගෙන ඇවිත් වගේ ටවල් එක පටලන් හිටපු එකා ගේ ටවල් එක ගැලෙව්වාම යටට එයා සාමාන්‍යයෙන් ගෙදරට අඳින ශෝටක් ඇඳලා තිබ්බා.

ඒත් එක්ක ම ඇච්චා හිනාවෙන්න පටන් ගත්තා. ඒක නිකන් නෙවේ මීට කලින් කළා වගේ චාටර් කරාම දාන ඒ කුණු හිනාව.

""""හෑහ්...මූනම් මාව චාටර් කරන්නම ඉපදුණ එකෙක් ද කොහෙද ..හොඳවැඩේ අනුරාග් තොටත් ඉන්න බෑනෙ නැටිල්ලනේ..😣😣 ..."""""

මොකද මේ ටවල් එකත් පටලගෙන යටටත් ඇඳලා 😏 මම ඇහුවේ මුකුත් නොවුණ ගානට..

" අම්මෝ අයියේ තවුසෙනම් අල්ලගන්න පට්ට ලේසියි.. 😂 චුට්ටක් ෆෝම් කරලා ගත්තම දහ අට සන්නියම නටනවානෙ.."

"එතකොට තමුසෙ කලිම් සැලසුම් කරලද ඔහොම ඇඳගෙන ආවේ මෙතනට ..😒"

"ඔව්.. මගේ පුප මිරිකපු එකට රිටර්න් දෙන්න..😌"

"හොඳ වෙලාවට තමුසෙ මෙතන ෂෝටක් දාන් හිටියේ නැත්තං මෙතන මොනවායින් මොනවා වෙයිද දන්නෙ නෑ..😋"

"ඇයි මොනා කරන්න ද.. ෂෝට තිබ්බා කියලා මොකෝ නැති උනත් මොකෝ වැඩ කාරයට නම් ඉතින්.."

ඒ කියපු දෙයින් ප්‍රයෝජනේ අරන් මට ඕනනම් කොල්ලාව ලගට ගන්න තිබුණා. ඒත් මගේ කියලා ආත්ම ගරුත්වෙකුත් ඕනනේ.

"නෑ ඒම ඕන්නෑ...ඕක දැකලා මගේ ෆීලින් අවුට් ගියා.. දැන් වැඩක් නෑ..."

මම එහෙම කියලා එතනින් ගියේ කෑම කන එකත් පස්සට දාලා...

""""තරහා උනා වගේ ඉඳලා බලමුකො. මේම අයත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ හැඟීම් වලින්.. 😏😏 අනුරාග් ඉට්ස් ලොකුකම් ටයිම්..😁""""

රෑට කන්න පහළට ගියෙත් නෑ දැන් නම් බඩ ගිනිත් එක්ක.. පොඩ්ඩක් පහළට එබිලා බැලුවේ අරූ ඉන්නවද කියලා පේන්න නෑනේ.. මම පහළට බැහැලා බැලුවා ළඟ පාතකවත් නෑ. ටීවී එක ලගත් නෑ.. මු කොහේ ගියාද..කාමරේ ඇති කාමරේට චුට්ටක් විතර ඔලුව දාලා බැලුවා.

කොල්ලා එයාගෙ තෙමුණ ෆෝන් එක කෑලි ගලවලා පිහිදානවා. බැටරිය ගලවලා පැත්තකින් තියලා පියන් එහෙම වේලෙන්නද කොහෙද මේසේ උඩින් තියලා තිබ්බා. කොල්ලාගෙ ෆෝන් එක එච්චර හොඳ එකක් නෙවේ.ඩිස්ප්ලේ එක පුරාම ඉරි ගිහිල්ලා තිබ්බේ. මට දුකත් හිතුණා.🥺 මට තීන දේවල් ගැන ලොකුවට ගාණක් නැති එක මගේ නාස්තිකාරකමද මන්දා ...මම.නම් තෙමිච්ච ෆෝන් එක දිහාවත් බැලුවේ නෑ. කෝම උනත් ඇපල් එකට වතුර වැටුණානම් චුට්ටක් බලයි...මොකද ඒක ගතපු අලුත නේ.. apple iphone 11 pro එකකට වතුර වැටුණම ඉතින් ලොකුවට ගාණකුත් නැතිවෙයි water proof නේ. මොනා උනත් මම එතනින් ඉක්මනට ආවෙ බඩගින්න නිසාමයි..නැත්තං ඇච්චා දිහා බලන් ඉන්නත් ආසයි..

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now