සිව්වන වින්දනය

3.3K 322 57
                                    

වීදුරු කටු වලට මගේ අත තුවාල වෙලා ලේ ගැලුවට ගාණක්වත් නැතුව මන් හිටියේ ලැජ්ජාව ඊට වඩා මගේ හිත තුවාල කරලා තිබුණු නිසා. ඒත් කාමරේ පැත්තට ගියපු ඇච්චා ආපහු දුවගෙන ආවෙ සද්දෙ ඇහිලා වෙන්නැති.

"අනුරාග් අයියේ ..මොකද මේ ...ඔන්න ලේත් එනවා .. " සෙහස් කෑගැහුවා.

එයා දුවලා ගිහින් first aid බොක්ස් එක උස්සගෙන දුවලා ආවා...

"අයියෙ මෙහාට එන්න ...ඕක හෝදගන්න 🥺🥺"

දුවන් ආපු ඇච්චා මගේ අතින් ඇල්ලුවෙ බයෙන් බයෙන් වගේ. මොන ලොකුකම් දැම්මත් මිනිහට මට බයයි. මට පව් කියලත් හිතුණා.

"""" අනුරාග් ඔය මායම් වලට රැවටෙන්න එපා 😒😒 ඕකට තවත් සෙකන්ඩ් වෙන්නේ මොකටද? දාන්න ඕන පහත්ම තැනට දැම්මානෙ උඹව..""""

එහෙම හිතපු මන් උගේ අත ගසලා දාලා වොෂ් රූම් එක පැත්තට ගියේ අත සෝදගන්න. අම්මෝහ් විස ගහනවා..😩😩 මහ ලොක්කා වගේ මන් ආවට තුවාලෙනම් හෙනටම සැරයි.. වතුරට ඇල්ලුවත් දන්නල්ලනවා..

වොෂ් රූම් එකේන් එළියට ආපු මම තනියම බෙහෙත් දාගන්න ලෑස්ති වුණා. ඒත් සර්ජිකල් එක දාන්න බැරුව මම බයේ චුට්ටක් වෙලා බලන් හිටියා.

" කෝ මෙහාට දෙනවා .. " සෙහස් ඇවිත් මගේ අතේ තිබුණු සර්ජිකල් බෝතලේ උදුරලා අරන් පුලුන් කෑල්ලකට සර්ජිකල් ටිකක් දාගත්තෙ තුවාලය පිරිසිඳු කරන්න.

මමත් එහෙම්මම ඉඳියා උදව් කරන එකාට ගණන් උස්සන්න හොඳ නෑනෙ. පුළුන් කෑල්ල අරන් එයා තුවාලෙට ළං කරා.මම ඇස්පියාගෙන හිටියේ තුවාල වලට බෙහෙත් දාන එකට මං ගොඩක් බයනිසා.

"අම්මෝහ්...විසයි... " කියලා මම ආපහු අත ඇදලා ගත්තේ පුලුන් කෑල්ල තියනවත් එක්කමයි.

" කතාවනම් දහයකට ගහන්න ..ඒ උනාට තුවාලෙකට බෙහෙත් දානවට බයයි 😂 මෙන්න මෙහෙ එනවා පැහිච්චකමනෙ.. "

මම ආත්ම ගරුත්වය ආයෙත් නැති කරගන්න බැරි නිසා අත දුන්නා බෙහෙත් දාන්න බැරිනම් කැපුවත් කමක් නෑ කියලා ..තවත් ලැජ්ජ වෙන්න බැරි නිසා.

එයා හෙමීට පුලුන් කෑල්ලෙන් තුවාල විවරය පිරිසිඳුකරලා බෙහෙත් තියලා එතන වෙලන්න පටන් ගත්තේ බෙලි කටු මල්ලත් හොලවන ගමන් . මොනා උනත් බැන්නත් අහන් ඉන්න හිතෙනවා ඒ තරම් වේගෙන් කට වැඩ කරනවා. හරි සනීපයි මගේ කන් දෙකට 😣

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now