දහනවවන වින්දනය

2K 210 22
                                    

"මොකද වුණේ දරුවෝ ? ඇයි මෙච්චර රෑ වුණේ...මම කෝල් නොකර හිටියේ මොනාහරි වෙලා හැංගිලා ඉන්නවද දන්නෙත් නෑ කියලා හිතලා..."

මම එනකම් නොඉවසිල්ලෙන් ඉඳපු අන්කල් කියාගෙන කියාගෙන ගියේ මට හුස්මක්වත් ගන්න ඉඩක් නොතියා.

" හොඳ වෙලාවට අන්කල් කෝල් නොකරෙ...කෙහෙල් පඳුරු ගාලක හිටියේ මම...😂 "

" අම්මෝ...මොකද උනේ පුතා...මට දැන් විස්තර ටික දැනගන්නකම් ඉවසිල්ලක් නෑ.."

" හරි හරි අන්කල් ප්‍රශ්ණයක් නම් වුණේ නෑ . කෝමහරි වැදගත් තොරතුරු ටිකක් දැනගත්තා. "  එහෙම කියාගෙන මම සෝෆා එකෙන් වාඩි වුණා. වාඩි වුණා කිව්වට වැටුණා කිව්වනම් වඩාත්  නිවැරදි යි.

අන්කල් මට කෝපි එකක් හදාගෙන ආවා. මම ඒකත් බොන ගමන් සිදුවෙච්ච හැමදෙයක්ම කියාගෙන ගියා. එයත් පුදුම වුණා මම ගේ ඇතුළටම ගියපු එක ගැන නම්.

" දැන් අපිට එක දෙයක් තහවුරුයි.. තියාෂා ඉන්නෙ කොහේහරි වෙන තැනක අපේ අයියත් එක්ක. හැබැයි එයාලා හැමතිස්සෙම එහා මෙහා යන එක සීමා කරලා තියෙන්නේ මොකද ඒකෙන් එයාලට ප්‍රශ්නයක් වෙයි කියලා බයට.."

" පුතා , අපි පොලීසියට මේ ගැන පැමිණිලි කරොත් කෝමද ? "

" අනේ මන්දා අන්කල්..ඒත් අපි දෙන්නා විතරයි මේ ගැන දන්නේ.. අනික කෝල් කරාම අයියාගෙ වයිෆ් කතා කරලා කිව්වා එයාලා එකට ඉන්නවා කියලා . ඉතින් අපි මොනා කියලා කියන්නද? අපි ගාව මොනවත් සාක්ෂියක්වත් නෑ..."

"ඒකත් ඇත්ත ...ඒත් අපි දැන් මොකක්ද මේකට කරන්නේ .. අනික අපිට එයාලගෙ මාර්ගෙන් ඇරෙන්න මේ ළමයා ඉන්න තැනක් හොයාගන්න බෑනෙ.. අනික මෙහෙම ටික ටික හරි පරක්කු වෙන එක භයානකයි...එයාට මොනාහරි උනොත්.."

" එයාට මුකුත් වෙන්නෑ අන්කල්...දැන් තියාෂාට ඕන දේපළ විතරයි ... අයියට මොනාහරි වුණොත් දැන් අහුවෙන්නේ එයාලා නෙ...මොකද එයාලමයි අපිට කිව්වෙ අයියා එහේ ඉන්නවා කියලා ... ඒකනිසා කිසි දෙයක් වෙන්නෑ...අපිට දැන් බේරගන්න තියෙන්නේ අයියා නෙවේ අයියාගෙ දේපළ ටික.. අයියාගෙ එක අත්සනකින් මේ සේරම විනාෂ වෙලා යයි... "
අයියා ගැන බයක් හිතේ තිබුණත් මම සැහැල්ලුවෙන් එහෙම කියලා දැම්මේ මේ වෙලාවෙ අපි කලබල වෙල තේරුමක් නැති නිසා.

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now