දහහත්වන වින්දනය

1.9K 223 18
                                    

පසුදා උදෑසන කතා කරගත් පරිදි අන්කල් ඔෆිස් එකටත් මම තියාශාගෙ මහ ගෙදරටත් යාමට පිටත් වුණා. තියාෂාගෙ මහගෙදරට යන පාර අන්කල්ගෙන් අහගෙන ගෙදරින් පිටත් වුණේ අද දවස ඇතුළත කෙසේ හෝ අයියා සොයාගන්නවා කියන අධිෂ්ඨානයත් හිතේ තියාගෙනයි.

පාර අහගත්තු විදියට මම නිවැරදිව ගමන් කරත් මට ඒ නිවස සොයාගැනීම අපහසු වුණා. කියපු විදියට අනුව නිවස තිබෙනවායැයි සිතිය හැකි සීමාවෙ බයික් එක නවත්තුවපු මන් අන්කල්ට කෝල් එකක් ගත්තා.

" හෙලෝ අන්කල්.."

" ආ කියන්න පුතා ,"

"මම ගේ තියෙනවා කියපු හරියට ආවා.. ඒත් හොයාගන්න බෑනෙ...මන් දැන් ඉන්නෙ ..ම්ම්....ආ මෙතන තීනවා සංජීව කියලා හාඩ්වෙයා එකක්.. "

" ආ ඒනම් පහු කරගෙන ඇවිත් තියෙන්නේ . ආයෙ හරවගෙන ඔය හාඩ්වෙයා එක පාස්කරගෙන අර හතරමං හන්දිය පැත්තට එන්න.. ගෙවල් හයක් විතර පහුකරගෙන යනකොට සුදුපාටින් පේන්ට් කරපු තට්ටු දෙකේ ගෙයක් ඇති. අන්න ඒක තමයි ගේ...ඉස්සරහා ගේට් එකක් ඇති කොළපාට,.. හොයාගන්න අමාරු නෑ.. ඔය හන්දිය පැත්තට යනකොට වම් අත පැත්තෙ තියෙන්නේ.. "

"හරි අන්කල්... "

"අහ් වැඩේ තවත් ලේසියි ඔන්න තිවංකයා ඔෆිස් එකට ආවා..කාර් එකෙන් ආවෙ .. ඒ කියන්නේ තියාශා ගෙදර ඉන්නත් පුලුවන් .."

" ඔව් අන්කල් මන් බලන්නම් මොනාහරි කරන්න ..."

"වැඩිය ගැවසෙන්නත් එපා ඒ හරියෙ..මිනිස්සු බලයි ඇයි කියලා...ඒපාර වෙන ප්‍රශ්නයක් වෙයි.."

"හරි ඒනම් තියන්නම් අන්කල් බුදු සරණයි .."

"පරිස්සමෙන් පුතා..බුදු සරණයි .."

කෝල් එක කට් කරාට පස්සෙ මම බයික් එකේ ඉඳගෙනම මොකක්ද ඊළඟට කරන්න ඕන කියලා කල්පනා කරා. ගෙදරට යන්නැතුව පාරේ ඉඳන් මුකුත් කරන්න කෝමත් බැහැ. ඒකනිසා මොකක් හරි ගේමක් ගහන්න වෙයි.

කල්පනා කිරිල්ල පැත්තකට දාලා මම බයික් එක ස්ටාට් කරන් ඒ කියපු හරියට එනකම් ආවේ හැම ගෙදරක් දිහාම අවධානයෙන් බලන ගමන්. ඒත් මට හිතාගන්න බැරි වුණේ කියපු වගේ සුදු පාට ගාපු ගෙදර වෙනුවට රෝස පාට ගෙදරක් තමයි තිබුණේ . ඇත්ත ම කිව්වොත් ගේට්ටුවක් තිබ්බෙත් නෑ. හැබැයි කලින් එහෙම එකක් තිබිලා තියෙනවා කියන සලකුණු ඉතුරු වෙලා තිබ්බා. ගේට්ටුවේ රෝද දුවන පීල්ලක් වගේ තියෙන කොටස තාම පහළ පිහිටලා තියෙනවා.

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now