අටවන වින්දනය

2.9K 280 20
                                    

එයා එකපාරටම මාව ඇදට වැටෙන විඳියට තල්ලු කරලා මාව හිරවෙන විදියට මගේ බෙල්ල දෙපැත්තෙන් අත් දෙක තියාගත්තා.ඒ පොසිෂන් එකනම් ඇඳක් උඩ පිරිමියෙක්ගේ පෞර්ෂවත් බව පෙන්නන රොමෑන්ටික් පොසිෂන් එකක්. හරිනම් මන් තමයි එයා ඉන්න තැන ඉන්න ඕන. 😒😒 ඒත් දැනටමත් මන් ඒකාගේ ආධිපත්‍ය ට යට වෙලා ඉවරයි . ඒකනම් ඉස්සෙල්ලා මන් කිවා වගේ ඇඟ හිරිවැටිලා යන විඳියේ අමුතුම හැඟීමක් ඇති කළා.

එයා මගේ දිහා බලාගෙන කොච්චර වෙලාවක් හිටියද කියලා මටවත් හිතාගන්න බෑ. අපි අපේ ඇස් වලින් මොනවදෝ හෙව්වා.ඇස් එකිනෙක යාවෙලා තිබුණ මුළු කාලයම මට වෙන කිසි දෙයක් මතක් වුණේ නෑ. එයා ඒමම එයාගේ තොල් මගේ මූණ දෙසට ළං කරා. මම මගේ ඇස් පියාගත්තේ ඒ ආස්වාදයේ මොහොතක් නවතින්න ලැබෙන අවස්‍ථාව උපරිම විඳින්නයි. මම කටත් උල් කරන් සූදානම් වෙලා හිටියේ එයාගෙ ඒ පළවෙනි හාදුව මගේ තොල් උඩ තියන්න දැන් දැන් ළං වෙන හැටි හිතෙන් මවා ගන්න ගමන්. ඒත් මට ඒ උණුසුම් හාදුව දැනුනේ මගේ නළල උඩ තියන හැටි. මීට කලින් කීපාරක් කිස් කරලා තිබුණත් මේ කිස් එකනම් මට ඇතුළාන්තයටම දැණුනා. ඒක නිකන් මැජික් එකක් වගේ. එයා මගේ කොණ්ඩේ අවුස්සන ගමන් ආයෙත් කලින් වගේ ඔළුව උස්සලා මන් දිහා බැලුවා.

"මොකද තොලුත් උල් කරන් ඇස් පියා ගත්තේ? 🤭😂" එයා හිනාවකුත් දාගෙන ඇහුවා.

" මෝඩයෝ...ඔය අනවශ්‍ය ප්‍රශ්න අහලා මේ වෙලාවේ මගේ ෆීලින් එක කන්න එපා.😒"

"ම්ම්ම් හාකෝ... "

එහෙම කියලා මල්ලි පහත් වෙලා මගේ පපුව උඩින් ඔළුව තියාගත්තා. ඒ වගේ හැඟීමක් ඒ වගේ ආදරයක් විඳිනවා කියන්නෙ ඒක පුදුමාකාර සැනසීමක්. එකිනෙකාට අප්‍රකාශිත ආදරයක් අපි අතර තිබුණත් අපි දෙන්නම ඒ ආදරේ හදවතින් වින්දා...

ඒ ෆීලින් එක පැත්තකට දාලා මගේ රැස් පෙන්නන්න මතක් වුණේ ටිකක් වෙලා ගියාට පස්සෙයි.😁

මම ටක්ගාලා මගේ පපුව උඩ ඉන්න කොල්ලා උස්සලා ඇඳට පෙල්ලුවා. පෙල්ලලා ඉවරවෙලා මම  එයාව යටවෙන විදියට එයාගෙ උඩට ගියා. දැන් එයා ඇඳේ හාන්සිවෙලා මම එයාට උඩින් එයාගෙ බෙල්ල දෙපසින් මගේ අත් තියාගෙන චුට්ටක් උඩට ඉස්සිලා හිටියේ.

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now