දහසයවන වින්දනය

1.9K 214 5
                                    

කාර් එක පාර්ක් කරලා අන්කල් ගෙදරට ආවෙම හිනාවීගෙන .මට හිතුණෙ නිකම් මට හිනාවෙනවා කියලා. ගේ ඇතුළට ඇවිත් සෝෆා එකෙන් වෑඩි වුණේ මහන්සියෙන් වගේ. මන් නිසා ඒ මිනිස්සුන්ටත් කරදර..

" අන්කල්  බොරුවට කරදර වෙනවානෙ මම  නිසා "

"මොන කරදරයක්ද ළමයො.. කෝමත් ගෙදර ඔෆිස් ගිහින් ගෙදර ආවා වගේ තමයි විශේෂයක් නෑ.."

" අන්කල්ට මහන්සි පාටයි...කාලා එහෙමද? "

"මන් තව කෑවෙත් නෑ එන ගමන් ගේන්න හිතන් හිටියා මට අමතක උනා.. පුතා කාලද ? "

" ඔව් අන්කල් මන් කෑවා.. අයියගෙ කෑම එක තීනවා අන්ක්ල්ට කන්න පුලුවන් ..."

" අහ් ඒමද ? හොඳ වෙලාවට නැත්තං ආයෙ යන්න එපැයි කෑම එකක් ගේන්න.."

"අහ් හරි අන්කල් ඒනම් වොෂ් එකක් දාන් එන්න ඒනම් . මන් කෑම එක පිඟානකට බෙදලා තියන්නම්.."

" කමන්නෑ පුතා මන් ඒක කරගන්නම්.. දැන් ගිහින් වොෂ් එකක් දාන් එන්නම් මම විස්තරත් තීනවා කතා කරන්න .

අන්කල් වොෂ් එකක්  දාගෙන ආවට පස්සෙ  මාත් එක්ක කතාවට වැටුණා.

"පුතාටද ක්ලාස් එහෙම තිබ්බෙ නැද්ද අද "

"නෑ අංකල් "

"දැන් පාඩම් එහෙම කරනවා ඇති නේහ්..."

"ඔව් කරගෙන යනවා "

"ඔව් කොහොම හරි ඔය වැඩ ටික ගොඩ දාගන්න."

ඒ වගේ විස්තර ටිකක් අපි කතා කර කර ඉද්දි මට අයියාගෙ ප්‍රශ්නය ගැන ඔළුවට ආවා .

" අංකල් මට ප්‍රශ්නයක් තියෙනවා."

"ඔව් පුතා කියන්න බලන්න "

"මේකයි , අයියා ගැන පොඩි බයක් දැනෙනවා .එයා මට කිව්වේ hospital යනවයි කියලා.ඒත් පස්සේ කෝල් කරල කියද්දි  එයා තියාෂා එක්ක මෙහේ ඉන්නවා කියලා තමයි මට තියාෂා අක්කා කිව්වෙ. ඒත් අනුලා ආන්ටි ට කියලා තිබුණා තියාෂා , එයාලගෙ මහ ගෙදර ඉන්නවා කියලා. මන් හිතන්නේ එයා දන්නෑ මම නැවතිලා ඉන්නේ අනුරාග් අයියා එක්ක කියලා . ඒකයි එයා කිව්වෙ මේ ගෙදර ඉන්නෙ කියලා. ඒත් ඇයි කවදාවත් නැතුව නයි වෛරෙන් ඉඳපු තියාෂා ගාවට අනුරාග් අයියා යන්නෙ . මන්දා මට නම් විශ්වාස නෑ අංකල්..මෙතන මොනාහරි වැරැද්දක් වෙලා තියෙනවා. අනික හැමතිස්සෙම කෝල් ආන්ස්වකරන්නේ කෝල් ගන්නෙත් තියාෂා මයි අනුරාග් අයියා කතා කරේ නෑ.."

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now