විසි එක්වන වින්දනය

1.9K 222 11
                                    

හැකි ඉක්මනින් මම ෆින්ගප්‍රින්ට් මැෂින් එක ළඟින් ඉවත්වෙලා ආයෙමත් අන්කල්ගෙ ඔෆිස් එකට ගියා. යනගමන් අපේ දුෂේන් අයියාට ඇහැකුත් ගහන් ගියේ අපේ අයියාගෙ බයික් එක පාර්කින් එකට ගෙනත් දාන්න වෙලාව ඇවිත් කියලා අඟවන්න ඕන නිසා.

මම ෆින්ගර් ප්‍රින්ට් එක තියලා අන්කල්ගේ ඔෆිස් රූම් එකට යනකොටම අන්කල් වැඩේ හරි කියලා හිනාවක් දැම්මේ ඔහුගෙ පරිඝණක යේ තිරය දිහා බලාගෙන.

" නියමයි පුතා...වැඩේ නියමෙට තීනවා ඇටෙන්ඩන්ස් ෂීට් එකේ අයියාගෙ නම තීනවා... දැන් තිවංකගෙ ඔෆිස් එකට ගිහින් අවුස්සන්න තියෙන්නේ .."

" ඒනම් අන්කල් අපි බයික් එක පාකින් එකට දානකම් ඉඳලා ඊළඟ වැඩෙ කරමු..."

අපි අන්කල්ගෙ රූම් එකේ ජනේලෙන් පහළ බැලුවේ බයික් එක දැනටමත් පාක් කරලද කියලා බලාගන්න.

ඒ වෙනකොටත් බයික් එක තියෙන්න ඕන හරි තැන තිබ්බා. අපි ඊළඟ පියවර ක්‍රියාත්මක කරන්න් සූදානම් වුණා. අන්කල් එයාගෙ ලෑන්ඩ් ෆෝන් එකේ නම්බර් එකක් ඩයල් කරලා කතා කරා...

" නිමේෂා පොඩ්ඩක් මගෙ රූම් එකට එන්න..."

ටිකකින් ඔෆිස් එකේ වැඩ කරන අක්කා කෙනෙක් රූම් එකට ආවා. ඇවිත් සර්ට කතා කරා..

"  සර් , අලුත් ඇඩ්වර්ටීස්මන්ට් එකක්ද? "

" නෑ නිමේෂා , අපේ ඩොකියුමන්ට්ස් වගයක් තියෙනවා . සර්ට කියලා අත්සන් කරගන්න . තිවංකට කියන්න අපේ අනුරාග් එක්ක ඩිස්කස් කරලා ඒ වැඩේ ඉවරයක් කරන්න කියලා. "

" අහ් හරි සර්... ඒත් අපේ අනුරාග් සර් අද ඔෆිස් ආවද ? "

" ඇවිල්ලා නේද ? මට ඇටෙන්ඩන්ස් චාට්‍ර් එකෙ පෙන්නනවා.."

" අහ් හරි සර්...මම ඒනම් මේ ටික අනුරාග් සර්ගෙ රූම් එකට ගිහින් දෙන්නම්.."

" නෑ ..නෑ...ඕක තිවංකට දෙන්න...චෙක් කරලම ගිහින් අනුරාග්ට කතා කරන්න කියන්න ..."

"අහ් හරි සර්... තැන්ක්‍යූ..."

ඒ කෙල්ල අන්කල්ගෙන් ෆයිල් ටිකත් අරගෙන රූම් එකෙන් එළියට ගියා. වැඩේ පත්තුවෙනකම් අපි රූම් එකට වෙලා බලාගෙන හිටියා. මා තාමත් ඉන්ටව් එකට ආපු කොල්ලෙක් වගේ ඔෆිස් රූම් එකේ සෝෆා එකෙන් වාඩිවෙලා හිටියා.

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now