විසි දෙවන වින්දනය

3.3K 277 210
                                    

" තාත්තේ...😲😲 " අපිව දැකලා අයියා ගොඩක් පුදුම වුණ අයියා කෑගැහුවා.

අරුන් දෙන්නව අතෑරලා අයියා මන් ගාවට ආවේ අත් දෙකත් දික් කරගෙන. මම තවමත් ගැටගහලා තියෙන අත් දෙක ලිහන්න පටන් ගත්තේ අයියාගේ මූණ දිහා බලාගෙන. කියන්න දහසක් දේවල් හිතේ තිබුණත් අල්ලලා බදාගෙන ඉඹින්න හිතුණත් වචනයක්වත් කතා නොකර ඇස්වලින් කතාකරා. ගැටගහලා තියෙන ලණු කපන්න වීදුරු කටු පාවිච්චි කරලා තිබුණ නිසා අයියගේ අත කැපිලා අත් දෙක පුරාම ලේ තැවරිලා තිබුණා. ඇත්තටම ඒ වෙලාවෙ කරන්න හිතෙන දේවල් කරන්න විදියක් තිබුණේ නෑ මොකද ඒක ලව් කර කර ඉන්න වෙලාවක් නොවන නිසා.

අපි ඒ මොහොතේ අවධානය වෙනතකට යොමු කරන් හිටියත් අන්කල් නම් හොඳ අවධානයෙන් උන්ට පිස්ටල් එක මානගෙන හිටියා. දැන් මගේ හිතේ තිබුණු බර සම්පූර්ණයෙන් ඉවරයි . ඒක නිසාම මට ලොකු සැහැල්ලුවක් දැණුනා. ඔයාලා හිතනවා නේද අද අනුරාග් බේරුණාට ඉස්සරහට එයාට බේරිල්ලක් නැති වෙයි කියලා. ඒම නොවෙන විදියට මම අවසානයක් වෙනකම් මේක සැලසුම් කරලා ඉවරයි . ඒත් දැන් මෙතනට වෙනකම් මම හිටියේ ලොකූ බරක් ඔළුවේ තියාගෙන දැන් ඒක නිදහස් නිසා කතාවෙ ඉස්සරහට ලියන් යන එක අපේ දඟකාර හැඩකාර අනුරාග් බබා කරන් යයි. ඉතින් මම නවතිනවා... 😘

**************************************

හෙලෝව් යාලුවනේ ඔන්න ආයෙම ඔයාලගෙ අනුරාග් ආවා . මන් දන්නවා ඔයාලා මාව නැතුව පාළුවෙන් හිටියේ කියලා. හරි හරි මන් දැන් ආවානෙ.. ඒත් මේක මම බලාපොරොත්තු නොවුණ දෙයක් නෙවේ. මේ කතාවෙ වීරයා ඉතින් මගේ මෝඩ මල්ලි සෙහස් තමයි . ( මම කතාව පටන් ගන්නකොට කීයටවත් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ 😒😒)

ඇත්තටම එදා තියාෂා මාව ගැටගහලා දාලා ගියාට පස්සේ මම උත්සාහ කරා එතනින් පැනලා යන්න. මම එතන තිබ්බ වීදුරු බෝතලයක් කුඩු කරලා ගත්තේ මගේ ලණු ටික කපාගන්න...ඒත් කකුල් ගැටගහපුවා කපා ගත්තට අතපය ගැට ගහපුවා කපාගන්න වෙලාව මදි වුණා. නැත්තං ඉතින් තාත්තයි මල්ලියි එන්න කලින් මන් බේරිලා 😏😏.

කෝමහරි ඒ දෙන්නා ඇවිත් කියලා මන් දකිනකොට කොච්චර පුදුම වුණාද කිව්වොත් මම හිතුවේ මේ සේරම චිත්‍රපටයක් වගේ වෙන නිසා හීනයක් වෙන්න ඇති කියලා. නෑ නෑ ඒක හීනයක් නෙවේ. මට ගිහින් තාත්තවයි ඇච්චාවයි දෙන්නාම බදාගන්න හිතුණා.

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now