"ඔයා ඒවා හිතන්න එපා බබා ..හාද? " සෙහස් මගේ හිස එයාගෙ උකුලෙන් තියාගෙන හිස අතගෑවා.
සෙහස් බබාගෙ ඇස් තිබුනේ මගේ ඇස් එක්ක යාවෙලා. අපි අපේම ලෝකයේ ඇස් වලින් ආදරේ හෙව්වා. තාමත් අපි දෙන්නගෙ ආදරේ වචනයෙන් එළියට නොදුන්නත් දෙන්නගෙම හිත්වල ඒ ආදරේ සැඟවිලා තිබුණා. ඇත්තටම හැංගිච්ච ආදරෙත් එක්ක ඒ අප්‍රකාශිත වචනත් එක්ක ආදරණීය අවස්ථාවන් ගෙවී යනකොට මොකද්දෝ නොදැනෙන අමුතු රසක් දැනෙනවා. කියන්න තේරෙන්නෙ නෑ.
ඒත් ඒ සේරම හැඟීම් වලට බාධා කරමින් මගේ ෆෝන් එක ආයෙම රින්ග් වෙන්න පටන් ගත්තා.
"අෆ්ෆා මේක නම් මාරම කරදරයක්.." කියාගෙනම මම කෝල් එක ආන්ස්වර් කරා.
එහාපැත්තෙන් ඇහුණේ තාත්තාගෙ කටහඬ.
"හෙලෝ චූටි පුතා."
"ඔව් තාත්ති කියන්න."
"හෙට ඔයාට ඔෆිස් එකට එන්න වෙනවා. "
"ඒ මොකද තාත්ති. මොකක් හරි අව්ලක් ද?"
"නෑ නෑ .. අපේ සිස්ටම් එක අප්ඩේට් කරනවානෙ ..system software අලුතෙන් install කරනවා. Attendance mark කරන එක දැන් හෙන පරණ method එකක් නිසා fingerprint system එකක් දාන්න කියලා බැලුවෙ. ඔයාගෙත් fingerprint ගන්න ඕන."
"මම ඉතින් ඔෆිස් එන්නෙම නෑනෙ තාත්ති...අනික බොස්ගෙ attendance මොකටද?"
"ඒක වැඩක් නෑනෙ.. මුළු staff එකත් එක්ක boss ගෙ fingerprint එකත් ඕන ආවෙ නැති උනාට ..එතකොට තමයි ඔක්කොම වැඩේ complete වෙන්නේ...පිළිවෙලකට මේ වැඩ වෙන්න ඕන පුතා.. හෙට උදේ එන්න.."
"හරි තාත්ති ඒනම්.. මන් එන්නම්..."
"හරි ඒනම්...බුදු සරණයි ..."
"බුදු සරණයි තාත්ති.."
"අහ් ඒක නෙවේ පුතා.. අර ළමයා එහෙම හොඳින් ඉන්නවද? කරදරයක් නෑනේ නේද?".
"ඔව් තාත්ති...මේ ඉන්නවා දැනුත් කතා කර කර හිටියෙ.. හොඳින් ඉන්නවා ඉතින් දෙන්නම.."
"අහ් හරි ඒනම් මන් තියන්නම් ගුඩ් නයිට්.."
"ගුඩ් නයිට් තාත්ති.."
"මේහ් අන්න මාමණ්ඩි පුතා ගැන ඇහුවා 😁"
පෝන් එක තියපු ගමන් මම මම ඇච්චාට එහෙම කිව්වෙ මූ මොකක් කියාවිද බලන්න.
YOU ARE READING
ස්වයංවින්දන | Suffering Alone
Romanceස්වයංවින්දන යනු නූතන gay Love story එකක්. අනුරාග් සහ සෙහස් අතර ඇතිවන ශක්තිමත් ආදරණීය බැඳීමක් කතාව තුළින් අරගෙන එනවා. විශේෂත්වය තමයි අනුරාග් bisexual කොල්ලෙක් වීමත් සෙහස් gay උනත් versatile top කොල්ලෙක් වීමයි. ඉතින් රසවිඳින්න ආරාධනා කරනවා..😍❤🖤