පහළොස්වන වින්දනය

1.9K 217 3
                                    

ගේ පුරා ඇවිදින ගමන් මන් වෙච්ච සිද්ධි පෙළ ගස්වන්න උත්සාහා කරා.

**** මල්ලි මම හොස්පිටල් එකට යනවා ...තියාශා කතා කරා... | බෑ මල්ලි පරක්කු වෙනවා මන් යනවා...****

යන්න කලින් අයියා කිව්වෙ ඒ ටික... තියාෂා කතා කරලා තියෙන්නේ හොස්පිටල් එකට. කලබලෙන් ගිය හැටියට මේක තියාශා බලන්න ගියපු හොරගමනක් වෙන්න බෑ. ඒත් එක්කම මට මතක් උනේ යන්න කලින් අයියා සමුදුන්න හැටි...ඒම බැලුවමනම් මේක මට බොරු කියලා ගිය ගමනක් වෙන්න බෑ.

ගිහින් පැය ගාණක් වෙනවා මම ගතපු එක කෝල් එකක්වත් ආන්ස්වර් කරේ නෑ මිස් කෝල් 14 ක් තියෙනවා ඒ ඔක්කොම තියෙද්දී ඊළඟපාර ගතපු එක ආන්ස්වර් කරේ තියාශා ඒකියන්නේ පෝන් එක තියෙන්න ඇත්තෙ එයා ගාව. අයියත් එක්කම හිටියනම් අයියවත් එයාවත් ඒ කෝල්ස්වලට ආන්ස්වර් නොකරෙ ඇයි.? ඒක වෙන්න බෑ . අයියා ගාව පෝන් එක තිබ්බානම් අනිවා ආන්ස්වර් කරනවා. තියාශා කිව්වෙ මොනවද කියලා මන් එකින් එක මතක් කරා...

එතකොට තමයි මට එක දෙබසක් හරියටම ඔළුවට ආවේ.

****උඹ කවුද ඒවා අහන්න මමයි මිනිහයි ඉන්නේ ගෙදර .. ඒකියන්නේ #මිනිහා එක්ක #මිනිහාගෙ_ගෙදර ඉන්නේ...*****

""""දෙයියනේ ඒ ගෑනි කිව්වෙ මිනිහාගෙ ගෙදර කියලා.. මිනිහාගෙ ගෙදර කියලා මමනෙ මිනිහාගෙ ගෙදර ඉන්නෙ... ඒ කියන්නේ ඒ ගෑනි කිව්වෙ බොරුවක් ... එච්චර කේන්තියෙන් කතා කරෙත් කලබලෙන් වගේ...මොකක් හරි දෙයක් තියෙනවා මෙතන..🤔🤔""""""

ආයෙ කල්පනා කළේ අනුලා ආන්ටි කියපු දේවල් ගැන..

**** එයාගෙ වයිෆ් තමා කෝල් කරලා කීවෙ..| නෑ නෑ හොස්පිටල් නෙවෙ වයිෆ්ගෙ මහ ගෙදර ඉන්නවා කිව්වෙ | ලැජ්ජාවට කියන්න ඇත්තේ..****

ඒ දෙබස්ටික එක්ක බැලුවම කලින් කියපු කතා සේරම බොරුවෙනවා ඒ කියන්නෙ මෙතන ලොකු බොරුවක් වෙන්නේ. අයියා කිව්වෙ හොස්පිටල් යනවා කියලනෙ ඒක නිසා මෙතන විශ්වාස කරන්න පුලුවන් එකම සාක්ෂිය ඒක. ඒත් මේ හැම තැනකම කෝල් ස් අරන් තියෙන්නේ තියාශා ....ඇයි අයියට කෝල් ගන්න බැරි.. අයියගෙ ෆෝන් එක අනිවාරෙන් තියාශාගෙ අතෙ තියෙන්නේ නැත්තං ජීවිතේට අනුලා ආන්ටිට තියාශා කතා කරන්නේ නෑ.

ස්වයංවින්දන |  Suffering Alone Where stories live. Discover now