මන් පහත් වෙලා එයාගේ කන් පෙත්තක් හීනියට හැපුවේ ආදරෙන් ..එයා මගේ පපුවට තව තවත් තුරුල් වුණා... කමිසයක් නැති පපුවට ඒ ස්පර්ෂය තවතවත් දැනුනා... එයා හදමින් හිටපු තේ එක අරගෙන මම බිව්වේ ඒ හැඟීම් සේරම කඩාකප්පල් කරලා දාන ගමන්.
"ඔය මගෙ තේ එක මෙහාට දෙනවා.." මල්ලි කෑගහනවා බලන්න ආසයි.
ඒවා කියන්නත් කලින් මම තේ එකෙන් උගුරක් බිව්වා. දෙයියනේ කියන්න දෙයක් නෑ මේ දැන් උණු කරපු වතුර නිසා මගේ දිවේ ඉදලම උගුරකට පිච්චිලා ගියේ ලෝදිය වක්කරා වගේ.. බකස් ගාලා තේ එකත් හලා ගෙන කටේ තීන වතුර ටිකත් එළියට දාන ගමන්. මල්ලිත් මහ හයියෙන් හිනාවෙන ගමන් බනින්න පටන් ගත්තා.
" හරි නෙ හරිනෙ..ඕකනෙ දැන් කරගන්න ඕන උණේ...ඉවරයි කුස්සියත් එක්කම... පිහිදාලා දානෝ..."
"අයියෝ කෑගහන්නැතුව වතුර එකක් ද්ව්නවා පිච්චුනා සේරම ඉන්න බෑ දිවත් හමගියා වගේ...😩😩"
"හරි හරි ඉන්නවකෝ..."
ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලේ අරන් ඇවිත් හිනා වෙවී අතට දීලා මම වතුර බොන හැටිත් බලන් ඉදපු කොල්ලා ගේ මොබ් කරන එක අරන් ඇවිත් තෙමිච්ච පොළව පිහිදාලා අස් කරා.
මොනා උනත් කොල්ලා ගෙ වැඩ නම් හරි පිළිවෙලයි මොන එක අතට ගත්තත් ඒ වැඩේ ගාණට නියමෙට කරලා නවත්තනවා ...අනිත් වැඩත් ඒමද දන්නෑ 🙈😋😁
" දැන් මට තේ එකක් හදලා දෙන්න...😏" වැඩේ ඉවර කරලා ඇවිත් මල්ලි එහෙම කිව්වා.
"ඒ මොකටද? දැන් තේ ඕන නෑ.😌."
"ඔව් මදනයා ගහලා නෙ තමුසෙට. මෙතන ඇවිත් මගුල් නටනවානෙ ..බැනලා බැනලම තොල කටත් වේලිලා මගේ.."
"ඒනම් එන්න තෙමන්න..😋"
"මොකක්ද?🤨"
" තොල කට..."
"අම්මෝ මොනා නැතත් මගුල් විසේ නම් තීනවා."
එහෙම කියනවත් එක්කම මම අතින් ඇදල මල්ලිව ළගට ගත්තා.
" කරොත් එපා කියයි 😏" මන් කිව්වේ කොල්ලගෙ නිකටට අතතියලා පොඩ්ඩක් උස්සලා මගේ දිහාවට ඒ ඇස් දෙක යොමු කරගන්න ගමන්.
YOU ARE READING
ස්වයංවින්දන | Suffering Alone
Romanceස්වයංවින්දන යනු නූතන gay Love story එකක්. අනුරාග් සහ සෙහස් අතර ඇතිවන ශක්තිමත් ආදරණීය බැඳීමක් කතාව තුළින් අරගෙන එනවා. විශේෂත්වය තමයි අනුරාග් bisexual කොල්ලෙක් වීමත් සෙහස් gay උනත් versatile top කොල්ලෙක් වීමයි. ඉතින් රසවිඳින්න ආරාධනා කරනවා..😍❤🖤