Chapter 1

528 35 12
                                    

~අමන්දා principalගේ room එකෙන් එළියට ආවේ එයාගෙ අලුත් ඉස්කෝලේ අලුත් පංතියේ clz teacherත් එක්ක.අමන්දා teacher එක්ක එයාගෙ අලුත් පංතියට යන අතරෙ අමන්දට සාමාන්‍ය පාසලක වගේ ළමයි හැමතැනම දුව දුව තැන තැන කතා කර කර ඉන්නවා දකින්න ලැබුනත් අමන්දට ඒ වටපිටාව අලුත් අත්දැකීමක් උනා.බලන බලන හැමතැනම ගොඩනැගිලි .එ උනාට ඒ පරිසරයත් හරිම ලස්සනයි. හැම සැප පහසුකමක්ම වගේ ඒ ඉස්කෝලේ තිබ්බා.අමන්දට දැනුනේ එයා වෙනම ලෝකයකට ගියා වගේ මොකද අමන්ද කලින් ඉගෙන ගත්ත ඉස්කෝලේ ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක් උන නිසා .~

~ අමන්දා ආවේ නගරයට ගොඩාක් දුරින් තිබ්බ සරුසාර වෙල්යායවල් ඇලදොල වලින් අලංකාර වෙච්ච පොඩි ගමක ඉදලා, ඒ ගමට තිබ්බ එකම ඉස්කෝලෙ අමන්දා ඉගෙන ගත්ත ඉස්කෝලෙ. මුළු ඉස්කෝලෙටම තිබ්බේ ගොඩනැගිලි හතරයි. ළමයිත් බොහෝම ටිකදෙනයි ඒකෙ හිටියේ .ඒ ඉස්කෝලෙට අමන්දා දැන් යන ඉස්කෝලේ තරම් පහසුකම් තිබ්බෙ නෑ.එ උනාට ගහ කොළ වලින් පිරිච්ච හරිම සාමකාමී පරිසරයක් ඒ ඉස්කෝලේට තිබ්බා.~

~අමන්දට අවුරුදු පහෙදි එයාගෙ තාත්තට ඇතිවෙච්ච හදිසි හෘදයාබාධයත් නිසා ඇතිවෙච්ච මරණයත් එක්ක පවුලේ තියෙන හැම වගකීමක්ම ඒ කියන්නෙ අමන්දගෙයි එයාගෙ අක්කා නර්මදාගෙයි වගකීම් ඔක්කොම අමන්දගෙ අම්මට දරන්න උනා. අම්මා කෙනෙක්ට ඒක බරක් නොවුනට ගෑණු ළමයි දෙන්නෙක් ඒක්ක තවත් ගෑණු කෙනෙක් තනිවෙලා ගෙවන්න තීයෙන ජීවිතය, ගෑණු දරුවන් උස් මහත් කරන එක ලේසි වැඩක් නෙමේ කියලා අමන්දලයි අම්මා දැනං හිටියා. ඒ උනාට ඒ හැමදේම දරාගෙන එයාගෙ දරුවො දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් අමන්දාගෙ අම්මා එයාගෙ උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කලා. අමන්දාගෙ අම්මා teacher කෙනෙක් , එයා අමන්දා ගිය ඉස්කෝලෙමයි ඉගැන්නුවෙ. අඩු ආදායම් ලබන පසලක් විදියට ඒ ඉස්කෝලෙන් අමන්දගෙ අම්මට එයාගෙ සේවයට හරියන වැටුපක් ලැබුනේ නෑ .ඒ අතරේ අම්මා ගම්මනයේ ළමුන්ට අමතර පංති දැම්මා. ඒ ගමේ බොහෝමයක් පවුල් දුශ්කරතාවෙන් පෙලෙන නිසා අමන්දලයි අම්මා ළමුන්ගෙන් මුදලක් ගත්තෙ ඒගොල්ලො දුන්නොත් විතරයි. එයා ඒ ළමයින්ට කිව්වෙ සල්ලි තියෙනවනම් විතරක් කීයක් හරි දිලා යන්න කියලා. අම්මාගෙ කාරුණික බව නිසාම බොහෝමයක් දෙමව්පියෝ අම්මට තමන්ට මුළු මුදලම නැතත‍් තියෙන මුදලින් කියක්ම හරි දෙන්න පුරුදු වෙලා හිටියා. ~

🌹🥀 AMANDA 🌹🥀  [ At My Worst  ] Where stories live. Discover now