" උඹ කැමති නැද්ද ජස්මින් එක්ක නිදා ගන්න? "~ ඒඩ්‍රියන් පුදුමයෙන් වගේ ජේසන් දිහා බලන් හිටියා , එයාට ඇත්තටම අදහා ගන්න බැරි උනා.ජේසන් අහපු දේ ගැන. ~
" අ..හ්..උ.උඹ මොකද්ද දැන් ඇහුවේ ? "
- ජේසන් -
" කැමති ද නැද්ද කියහන්කෝ. ඉක්මන්ට ..."
- ඒඩ්‍රියන් -
" උඹ ඇත්තටම ඇහුවේ මම ජස්මින් එක්ක නිදා ගන්න කැමති ද කියලද ? අනිත් එක එකපාරටම මොකද මේ ..."
~ ඒඩ්‍රියන් එකපාරට කියන්න ගිය දේ නවත්තලා ජේසන් දිහා අමුතු විදියට බලං ඉදලා , ~
" අඩොහ්....උඹ අමන්දට love ද ? "
~ ජේසන් මුකුත්ම කිව්වෙ නෑ. ~
" අඩේ ...සිරාවට."
- ජේසන් -
" ඔව් ඔව් බන් . හරි කැමති ද නැද්ද කියහන්කෝ."
~ ඒඩ්‍රියන් හිනා වෙලා ~
" මොනාද මට මේ ඇහෙන්නෙ? අයියා කෙනෙක් තමන්ගෙ නංගිගෙ කොල්ලගෙන් අහන ප්‍රශ්නයක් ද ඕක ? "
- ජෙසන් -
" අයියෝ...! බන් උඹට පුළුවන් ද බැරිද කියහන්කෝ . කියවන් නැතුව. බැරි නම්... "
~ එතකොටම ඒඩ්‍රියන් ,~
" පුළුවන් පුළුවන් . ඕවා ඉතින් අලුත් දේවල් ඈ "
- ජෙසන් -
" මොකා ? "
- ඒඩ්‍රියන් -
" ඇයි බන් අපි daycare එකෙත් එකටනේ නිදා ගත්තෙ. මතක නැද්ද ? "
- ජේසන් -
" ආහ්..ඒක මිසක් . හරි උඹ ජස්මින්ට msg එකක් දාලා කියපන් එලියට එන්න කියලා පොඩ්ඩක් ? "
- ඒඩ්‍රියන් -
" ඇයි මන් ? "
- ජේසන් -
" ආහ්.. බැයිද ? එහෙනම් නිදා ගනින්, good night "
~ ජේසන් හාන්සි වෙන්න යද්දි ~
- ඒඩ්‍රියන් -
" යකෝ..! "
- ජේසන් -
" ඇයි මොකො ? "
~ ඒඩ්‍රියන්ට කියන්න මුකුත් කටට ආවෙ නෑ. එයා ජේසන්ට ඔරවලා ජස්මින්ට msg කලා ~
YOU ARE READING
🌹🥀 AMANDA 🌹🥀 [ At My Worst ]
Romanceඇයට ඕන උනේ ඇයගේ ජීවිතයම කැප කර උස් මහත් කළ ඇයගේ මවට සැනසීමක් ලබා දෙන්නයි, ඇගේ මව ඇය සහ ඇගෙ සහෝදරිය වෙනුවෙන් විදී දුක් කන්දරාවල අවසානයක් දකින්නයි. ඇය වෙනුවෙන් සියලු වියදම් දරා ඇයව සමාජයෙ හොද පුරවැසියෙක් කරන්න හදන ඇයගෙ සොහොයුරියට සාධාරණයක් ඉටු කරන්නයි...